02 - x

519 107 31
                                    

කෙලින්ම ගෙදර ආපූ ජංකුක් ටේහ්‍යුන් දිහාවත් නොබලා කෙලින්ම ගියේ තමන්ගේ කාමරේට. කාමරේට ගිය ගමන් දොර වහපු ජංකුක් කාමරේ තිබ්බ බඩු සේරම පොලෙර් ගැහුවේ කේන්තිය අඩු කර ගන්න හිතන්. ඒත් එයාගේ කේන්තියනම් පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ.

" ඇයි... ඇයි ටේහ්යුන්. මං තමසෙට ආදරේ කරන්න පටන් ගත්තා විතරයි.😡ඇයි තමුසෙට ඒ සල්ලි මගෙන් ඉල්ලන්න බැරි වුනේ. ඇයි හොරකම් කලේ. තමුසෙ මගෙන් සල්ලී ඉල්ලුවනම් මං තමුන්ට සල්ලිදෙනවා. තමුසෙ සල්ලි නිසා නෙමෙයි මාව මැරි කරන්න ඇත්තෙ කියලා හිතලා මං තමුසෙට ආදරේ කරන්නත් පටන් ගත්තා 😖. ඇයි මටම මෙහෙම වෙන්නේ "

තමන්ගෙම කොන්ඩෙනුත් ඇද ඇද කෑ ගහපු ජංකුක් දොරට හේත්තුවෙලා එහෙම්මම අඩන්න ගත්තේ තමන් යාන්තමින් හදන් ආපූ හදවතත් ආපහු කටන් වැටිලා බිමට සමතලාම වෙලා ගියා වගේ දැනුනු නිසා. ජංකුක්ට කේන්‍තියකට වඩා තිබුනෙ දුකජ්. මොකද එයා ටේහ්‍යුන්ට ආදරේ කරන්න පටන් ගත්තා. ටේහ්යුන්ට අවස්තාවක් දෙන්න හිත හදා ගත්තා විතරයි. ඒ පටන් ගැන්මෙන්ම තමන්ගෙ ඔක්කොම හීන සුනු විසුනු වෙලා ගියා වගේ.

අනිත් පැත්තෙන් ටේහ්‍යුන්. මුල් දවස්වල වගේ අදත් ජංකුක් හැසිරෙද්දි ටෙර්හ්‍යුන් පුදුම වුනා.නමුත් සවුන්ඩ් පෲෆ් කරලා තියෙන ජංකුක්ගෙ කාමරෙ හැමතැනම වැටිලා කැදුනු දේවල් වල සද්දයක්වත්, ජංකුක්ගෙ ඉකි ගැසීමවත් ටේහ්‍යුන්ට ඇහුනෙ නෑ.

දවස් ගත වුනේ ජංකුක්ව ආයේත් අර හිටපු පරන තත්වෙටම ඇදලා දාමින්. ටේහ්‍යුන් හදන කෑමක් දිහා ඇහැක්වත් ඇරලා නොබලපු ජංකුක් වැඩට යන්න ගියා. ඒත් තාමත් ජංකුක්ගෙ හිත පිලි අරන් නෑ ඒ සල්ලිගත්තේ ටේහ්‍යුන් කියලා.ඒ නිසාම සුගාට කෝල් කරපු ජංකුක් සුගාට මෙර් ගැන හොයන්න කිව්වා.

මාසත් ගත වුනේ නොදැනිම. තාමත් සුගාට හොරාව අල්ල ගන්න බැරි එඋන නිසා හැම වැරැද්දක්ම පැටවිලා තිබ්බෙ ජංකුක්ට. ජංකුක්ගෙ මොලේ කිව්වෙම ඒක කලේ ටේහ්‍යුන් ර්‍ර් සල්ලි හොරකම් කලේ ටේහ්‍යුන් කියලා. ඒත් ජංකුක්ගෙ හිත කිව්වෙම ඒක කලේ ටේහ්‍යුන් නෙමෙයි කියලා. ඒ නිසාම ජංකුක් මානසිකව වැටුනා. ටේහ්‍යුන් ජංකුක්ට කන්න කතා කරන්න ගියපු වෙලාවෙත් ජංකුක් ටේහ්‍යුන්ව කාමරෙන් ඇදලා එලියට දැම්මා.

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now