01.දර්ශනය බිහි කළේ පිරිමිමද?

280 31 17
                                    

මග්දලේනා නුඹද
ඇණ ගැසූ ප්‍රේමයේ
බර දරා හිනැහුණු
වයින් බඳුනක
ලෙයක් පිටුපස
කිණිස්සක් ඇත සැඟවුණු..

කල්පාන්තර පෙමක
ජූජකට බිලි වුණු
මන්ද්‍රි දේවී නුඹද
පාරමී මාවතේ
බෝසතුට ගිලිහුණු..

ප්‍රේමයේ සීතලම අලු යට
ගිනි පුපුරටත් ඇවිලුණු
ආත්මාර්ථය පිරුණු තනුවක
බමර තත සිඳලූ පසු
කවිය නුඹමද නොගැයුණු..

සැන්තපී පරපුරක
කඳුලු ගංගා වැගිරුණු
කාකපාදෙක දර්ශනය ලඟ
රෝසමල් පෙති පරවුණු
සල් මලකි ඈ බුදු වුණු..

ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now