09. ප්‍රමිලා

116 20 1
                                    

ප්‍රේමයට ඉඩ දෙන්න
සඳත් තව මෝරන්න
ඇහෙන නෑහෙන
තරම් හෙමිහිට
අඩි තබා ඔබ එන්න..

කියඹු වැල් කිතිකවා
හාදුවක් තවරන්න
ඔහු නොදුටු ඔබම දුටු
මගෙ හදේ සියුම් තැන්
සිපගන්න..

මටම විතරක් අයිති
ඔබේ ඔය උරතලේ
උණුහුමට ගුලි වෙන්න
ඉඩ දෙන්න..

සූ සැටකි අබරණත්
එකින් එක සිඳලන්න
සඳුන් වත්සුණු පිසලන්න
මගෙ සැබෑ රස
හදවතින් විඳගන්න..

හැඟුම් බැහැ සඟවන්න
සෙනෙහසින් මත් වෙච්ච
අසම්මත පෙම් කවක
සත්සරය මුමුනන්න
ළං වෙන්න..

දුහුල් සලු සාගරේ
රැලි පෙරැළි නංවන්න
මලවි හී සර පහර
හද පතුලෙ අමුනන්න..

උමතු පෙම සිහි කරන
නිය ලකුණු මට දෙන්න
නමුදු මුර කපොලු වල
ලකුණු නොතබා යන්න..

මොහොතකින් ඔහු ඒවි
යහන හිමි කරගන්න
ඉතින් දස්කොන් අදට
අවසරයි සමු ගන්න..

මොහොතකින් ඔහු ඒවි යහන හිමි කරගන්නඉතින් දස්කොන් අදට අවසරයි සමු ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now