27. විජ්ජුලතා

68 16 2
                                    

බලෙන් උස්සන් ගියා කිව්වට
කාශ්‍යපත් නැටුවෙ මේ අල්ලෙ
උඹ මාර ලස්සනයි කෙල්ලෙ
එයා එහෙමයි ඒ දවස් වල කිව්වෙ..

දියමන්ති ඕන නෑ
එල්ලන්න බෙල්ලෙ
මල් මිටක් ඇන්දේ එයා
මත් පෙත්ත තියාගෙන තල්ලෙ

මමයි එ නුවර ටොප් මොඩල්
එයා උන්නේ වැතිරිලා මගෙ
සුන්දරත්වය නමැති වැල්ලෙ
විජ්ජුලතා අපි බඳිමුද
ඇහුවෙ ඔය අල්ලපනල්ලෙ

ගෑණියක් උනහම එල්ලෙන්න
ඕනෙමද මංගල තැල්ලෙ
අපි දිහා බලාගෙන
කට කොනින් හිනැහුනා
ලෙහූ සලු ඇඳ පල්ලෙ

තව තදින් සිපගන්න
ඇයි ඉන්නෙ ඉවසිල්ලෙ
ආදරේ ගැන හිතමු
මේ වටෙන් පස්සෙ අපි
නිවීසැනසිල්ලෙ..

එදා මං එහෙමයි කිව්වෙ..

එදා මං එහෙමයි කිව්වෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now