20. රාමාත් මම, රාවණත් මම..

79 12 2
                                    


සියුම් වෙනසක් ඇහිපියල්ලක
දැනෙන තරමට ප්‍රේමණීයම
ජීවිතය කවියක් නොවේමැයි
දැනෙන තරමට ටෙලිපතීමය..

කතාවේ වීරයා රාම
පෙම් කළේ සීතාට ඉඳුරාම
දොසක් තිබුණා ඒ කතාවෙත්
සැකයෙ ගින්නක් පිරික්සාම..

කොයි කතාවෙත් ඉන්නවා වැනි
දුශ්ටයා මෙහි වුණත් රාවණ
වාල්මිකියන් පවා නොදුටුව
හිතක් තිබුණා ප්‍රේමණීයම

තනිකරම කලු තනිකරම සුදු
චරිත ගැන නොලියා තබාම
ආදරේ වාගේම කුහුලත්
හිතේ ඇතිවෙන එක සොබාව..

සීතා වෙන්නත් ඕනෙ නෑ උඹ
කාරණා ගැන ඇවිලුනාම
යතා කාලෙක පෙම් කතාවක
රාම රාවණ මම වුණාම..

සීතා වෙන්නත් ඕනෙ නෑ උඹකාරණා ගැන ඇවිලුනාමයතා කාලෙක පෙම් කතාවකරාම රාවණ මම වුණාම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now