.
.
.
.දිව්‍ය භවනක් ය ඒක
කොහොමටත්
උඹ එන්න කලියෙනුත්
සිඛණ්ඩී ලා පංචශිඛ ලා
සූරියවච්චසාට ඇරගත්ත
වයා බේලුව පණ්ඩුවෙන්
ඇගේ හිත අරගත්තශිව පාර්වතීල බැඳගත්ත
හඳේ දෑසට වැලි ගසා
ශිව හොරෙන් කොටු පැන්න
ඉඳහිටක දවසක
පාර්වතිලා උනත්
කාලි වේශෙට පෙරලෙද්දි
පඬුපුල් ආසනේ උණු වෙච්චඅසුර බල සේනා
නිතරෝම පැටලිච්ච
සුර අසුර දෙපිරිසම
කිරි මුහුද කළම්බා
හලාහල විස මතුවෙච්චමල්සරාටත් ඉතින්
ඉලක්කය වැරදෙද්දි
බැරිම වුණ වෙලාවට
සාතන් පවා රජ වෙච්චඅපායේ දොරටුවෙන්
ස්වර්ගයට පැනගත්ත
සමහරක් අසුරනුත්
දේවත්වයට පත් වෙච්චමෙඩූසගෙ ඇස් අස්සෙ
පර්සියස්ලා ගල් වෙච්ච
මවනකොට ආදරේ
මහාබ්‍රහ්මයත් පල් වෙච්චදිව්ය භවනත් බලන් යනකොට
හදවතකි අලු වෙච්ච..🥴