21. ඇත්තමයි මං ආස, අමරණීයම පෙම් කතා අනිත් පැත්තට ලියන්න..

89 16 4
                                    

රෝමියෝ ඇත්තට මැරෙන්න
ජුලියට්ට පුලුවන්නෙ
විරහ ගී ලියන්න
සීතාට තිබ්බේම පොලෝ කුහරෙට නොයා
රාමාට කන පැලෙන්න ගහන්න

කඩුව දුන්නද අහන්න
කවුරුවත් දැන නොගන්න
මනමෙ කුමරියෙ උඹට තිබ්බෙම
දෙන්නටම කඩුවෙන් අනින්න..

පඬි පුරක් ගිනි තියන්න
නොවේ ප්‍රේමය පුරන්න
කන්නගී ඇයි උඹට බැරිවුණෙ
සලඹ කකුලෙම තියන්න...

ඉතිහාසගත නොවෙන්න
උනත් ප්‍රේමෙන් හිඳින්න
කාලි, අම්මප උඹට තිබුනා
ආයෙ පාරක් බඳින්න..

ඇත්තමයි මං ආස
අමරණීයම පෙම් කතා
අනිත් පැත්තට ලියන්න..

ඇත්තමයි මං ආසඅමරණීයම පෙම් කතාඅනිත් පැත්තට ලියන්න

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
ප්‍රේමයට නොකී කවිDonde viven las historias. Descúbrelo ahora