03.සාජහන් මුම්ටාස්ට ඇත්තටම ආදරේ කලාද?

153 20 12
                                    


දහසකුත් එකක්
සයනයට කැන්දන
එකෙක් තුල පවා
ප්‍රේමයක් තිබිය හැක
ෆ්ලොරෙන්තිනෝ වගේ..

රාගයෙන් තොර
ප්‍රේමයක් වුව
රහට විඳින්නන් සිටිය හැක
විරාගී අරවින්ද වගේ..

ප්‍රේමයේදී රාගය
අත්‍යාවශ්‍ය විය හැක
දහතුන් ගැබක් දුන්
සාජහන් වගේ..

ප්‍රේමය කොතනත් පොදුයි
ඒ තරමට සාපේක්ෂයි
එකම නහයට
වෙනස් හැඩයන් තියනවා වගේ..

මේවා ප්‍රේමය නොවෙයි කියන්නට
උඹටවත් මටවත්
අයිතියක් තියනවද?
මොකද අපි කවුරුවත්
ඒ තරම්
ප්‍රේම කළවුන් නොවේ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now