39. නවමු නව නළු රස

59 9 2
                                    

" වල ගැසිය යුතු කම්මුල්
පාන විට මදහස
මුදු සුමුදු අඟ පසඟ
තිබිය යුතු වේ කිරි සුදෙන් පිස
දනිහ ගාවට
නොමැති නම් වරලස
මගේ ජීවන වේදිකාවෙන්
යන්න යනු මැන බැස.."

"විය යුතුය ඔබ
මෙපමණක් උස
ඉලක්කම් හයක් වත්
නොවේවිද පඩි දාට පැස?
දොස්තරෙක් ඉන්ජිනේරුවෙක් මිස
ප්‍රධානම චරිතය කළ හැකිද
මගේ පිටපත අස?"

මේ ඇත්තමයි රත්තරං,

අවැසි නෑ ඔබ
ගන්න අර ඉහත කී වෙස
දිවිතුරා රඟපෑම
හඳුනමි විසල් දුක ලෙස
ලියන්නට මා සමග
නවමු නව නළු රස
ඔබ ඔබම විය යුතුය,
එවිට මේ නාටකේ
කළ හැකිය බෝ තොස..

ඉතින් හිතවත,
මෙයයි මා දන්න බස
ඔය මමංකාරයේ විස
අන්ධ කරවයි මේ
ආදරේ ඇස!

ඉතින් හිතවත,මෙයයි මා දන්න බසඔය මමංකාරයේ විසඅන්ධ කරවයි මේආදරේ ඇස!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now