24. ආල අඩව්ව

78 13 0
                                    

බෙරේ පලු දෙක යවන්
පොල් මලෙන් තව තලන්
ඒකි දැක්කම යක්කු බඳිනව
මගෙ හිතේ රන් තොරණ්..

ඕං රීං කට්ටු
ප්‍රේමෙ නෑ තව මට්ටු
ඒකි ළඟ මට දැනෙන සුවඳට
පරාදයි පුළුටු තට්ටු

හංදියේ තුම්මං
වෑහෙන රසට හදවතම නම්මං
බෙල්ල පාමුල හූරනව ඈ
අමාවක රෑ ගොම්මං

ඇප නූල ජප කරන්
පපුව හත්කඩ පලන්
තැඹිලි මැතිරෙන සලුව මැද්දේ
මං ගියා බොල නිවන්..

ඉතිං මයෙ මැණිකේ
මං තමයි අද රෑ නිළමේ
කාලි නටනව පේනවද බොට
සොහොන මැද මල්වඩමේ..

ඉතිං මයෙ මැණිකේමං තමයි අද රෑ නිළමේකාලි නටනව පේනවද බොටසොහොන මැද මල්වඩමේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now