12. ගිනිගත් පඬිපුර

87 15 0
                                    

සිරි යහන් ගබඩා තිබුනෙ නැත
මගේ දරුවන් එදා උන්නේ
කුඩා ගෙපැලේ ගොම පිල උඩය..

ඔබෙ හදේ ගිනි
මගේ ගෙපැලට වැදුනේ
අනේ උන් කුසගින්දරේ
නිදා උන් මොහොතක ය..

පතිවතේ නාමයෙන්
ඇස් පනාපිට දැවී වැටුනේ
ඇගේ දරුවන් රකින්නට
සොහොන පල්ලේ අත ගසා
මගේ බිරිඳට දුන් පොරොන්දු ය..

කිමද කන්නගී
ප්‍රේමයේ නාමයෙන් පතිවතේ පෙලහරින්
සෙනෙහසේ පියවුර කිරෙන් පොඟවා
නුවර දහසක් හිඟන පැටවුන්
කුස පිරෙන්නට දිවි රැකෙන්නට
සිනාවෙන් එකලු වන්නට නොපතා
දවා හෙලුයේ මන්ද?

එක හිතක් නැති ඔබේ
ප්‍රේමයේ මළගමට
මගෙ නොදරුවන් පලිද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now