දෙවන දිගහැරැම

742 149 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි . සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මගෙ මැණික.. උඹ දුප්පත් උනාට ඇස් වහක් කටවහක් නෑ උඹෙ අම්මගෙයි තාත්තාගෙයි ලස්සන උඹට ඕනවටත් වඩා පිහිටල තියෙනවා. .... ඇහැක් කනක් තියෙන ඕන මනුස්සයෙක් දෙපාරක් හැරිල බලන තරමට උඹ ලස්සනයිනෙ මගෙ මැණික. .... ඒකම තමා මට බය......."

"සුදු ආච්චි මොකට බය වෙනවද මම පිරිමියෙක්නෙ..... මට පුළුවන් මන් ගැන බලාගන්න. ..... "

"අද කාලේ ගෑනු පිරිමි කියල නෑ දරැවො ඔය දෙගොල්ලම පරිස්සම් වෙන්න ඕන කාලයක් මේක..... "


*************************************

සුදු ආච්චිට වගේම සීය තාත්තාටත් දනගහල වැන්ද මං එන්න ආව......
මගෙ වගේම පුංචි මල් කඩ දෙක තුනක්ම දැනටමත් ඇරල තිබ්බ වෙනකොට මම අරගෙන ආව නෙලුම් මල් ටිකත් කූඩයට දාල වතුර ටිකක් ඉස්ස. .... ගොඩ දෙනෙක් දළදා වහන්සේ බලන්න යද්දී මෙතනින් මල් අරගන්නව..... ගොඩක් මිනිස්සු මහනුවරට එන්නේ දලදා වහන්සේ වැද පුදාගෙන පින් රැස් කරගන්න බලාන ..... ඒත් මලක් විකුණලා එදා වේල කන්න හම්බකරගන්න අපිව පහත්ම කරල කතා කරන මිනිස්සුත් ඒ අතර ඉන්නවා.... එයාල දන්නෑ....... එයාලට තේරෙන්නෑ .... එක වේලක් පිරි මහගන්න අපි කොච්චර දුක් විඳිනවද කියල....... ගෙනාපු රෝස නෙළුම් මල් ටික අතර තිබුනු එකම එක සුදු නෙළුම් මල මම අතට ගත්ත ..... මේ මල මම අද හවස යන්න කලින් දලදා වහන්සේට පූජා කරනවා. ... එතකන් ඔයා මෙන්න මෙතනින් ඉන්න....... අතේ තිබ්බ නෙලුම් මල මම අරන් පිටිපස්සට වෙන්න තිබුණ කූඩෙට දැම්මා. .........


"එස්කියුස් මී...... මේ නෙලුම් මල් කීයද "

මම පිටිපස්ස හැරිල හිටිය හින්ද වෙන්න ඇති ආපු කෙනා මට කතා කරා ......


" ආ ...... සීයට තුනයි මහත්තයා. ..... "

එයාල මට දික් කෙරැව දාහෙ කොලේට හරියන්න මල් වට්ටියක් පිරෙන්නම මම මල් දාල දුන්න. ......... මගෙ ඉස්සරහ හිටගෙන හිටියෙ කොල්ලොම දෙන්නෙක් වෙද්දී එතනින් හරි අමුතු ඇස් දෙකක් මගෙ ලග නතර වෙලා තිබුන.....ඇත්තටම මට වඩා ටිකක් උසට හිටිය ඒ කොල්ලට තිබුනෙ ආඩම්බරකාර මහ අමුතු ලස්සනක්. ...... ඇත්තටම නළුවෙක් වගේ වගේ පෙනුමක් තිබුන....... තිබුන ආඩම්බරකාර කමටම ද මන්ද ඒ කොල්ල එතන හිටිය අනික් යාලුවාට මල් ටික තනියම පූජ කරන්න කිව්ව.....

The white  lotus   ( Complete )Where stories live. Discover now