දහහත්වන දිගහැරැම

565 120 12
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


මාලිගාවට ආවම නොසන්සුන් උන මගෙහිත සන්සුන් වෙලා තිබුන කීවොත් හරි........ . ....
පුංචි හාමුයි මමයි දෙන්නම වැදල ඉවරවෙලා වැව රවුමට ආව.... ඇත්තටම එන්න ඕන උනේ මට නෙමේ පුංචි හාමුට.... නුවර වැව රවුමත් මගෙ හිත වගේම  පාලුවට ගිහින් තිබුන වෙනකොට ඈතට ඇස් යැවුව මම ඊලගට වටේට තිබුන කොන්ක්‍රීට් බංකු දිගේ ඇස් ගෙනිච්ච. .......ඒත් එක තැනකදි මගෙ ඇස් දෙක ගැස්සුන  .......මට හිතන්නේ ඒ ඇසුත් ගැස්සුන.. ......



*************************************

      ඒ පැටලිල තිබුන අත් මාව දැක්ක හැටියෙ ලෙහිල ගියාවගේම ගොඩක් කලබල වුණා. ......මම හිතන්නේ මම ඊට වඩා කලබල උනා...... ඇත්තටම මට මහ අමුතු ලැජ්ජාවක් දැනුන........... ඒකට හේතුව කවදාවත් මම පිරිමි දෙන්නෙක් ආදරේ විදිනව දැකල නොතිබ්බ එක වෙන්න ඇති .......  එහෙමම මට පුංචි හාමු දිහා බැලුන. ...... ඔහෙ නෑ....... ගානක්වත් නෑ....... පුංචි හාමු දැහැනකට සමවැදිල වගේ තාමත් වැව දිහාම බලන් උන්න. ...වෙනකොට  අර  ආදරවන්තයො දෙන්නම යන්න නැගිට්ට. ..... එහෙම නොවුනොත් තමා පුදුම. ..... ... ඒ දෙන්නට ආදරේ විදින්න තිබුන වේලාව එක මොහොතකින් අපි නිසා නැතිවුනා කියල මට හිතුනා.   .....  ............ ඒ දෙන්නගෙ හිතේ මේ වෙලාවේ මොනව දුවනව ඇත්ද.......  මොනා උනත් සමාජෙ ඉස්සරහ අසම්මත
හැගීමක් කියන්නෙම රහසක්  වෙද්දී  ඒ ආදරේ විඳින්න උනෙත් හොරෙන් .......කාටත් හොරෙන් ....... ඒ ගැස්සුන ඇස් අස්සෙ හැංගිල තිබුනෙම තවදුරටත් ඒක රහසක් නොවේ කියන හැඟීම වෙද්දී තවදුරටත්  බැල්මකින් උනත් බාධාවක් නොවෙන්න මම අහක බැලුව.........

    ඒත් මම මේපාර දැක්කෙ  වැව ලග නොවී මගෙ ලග නැවතුන පුංචි හාමුගෙ ඇස් වෙද්දී මට නිකන්ම බිම බැලුන.
...  ඒ පැත්ත බලන්නත් බෑ පුංචි හාමු ...
අනිත් පැත්තෙ අර කොල්ලො දෙන්න .....

       " දෙව්  ....."


එක වචනයක් උනත් මට හරි බරට ඒ වචනෙ දැනෙන්න ගත්ත. ......  ඇත්ත නම් නොකියන දහසක් දේ එක බැල්මකින් එකම එක වචනෙකින් සමහර මිනිස්සුන්ට කියන්න පුළුවන් උනා...... ඒත් මේ ඇස් ඉස්සරහ දැන් දැන් මම අසරණ වෙන්න අරන් තිබුන. ....... ඒ ඇස් අමුතුයි..... ගැඹුරැයි......  කවදාවත් පුංචි හාමුගෙ මූණෙන් දැකල නැති අමුත්තක් මට දැනුන. .....


The white  lotus   ( Complete )Where stories live. Discover now