හතලිස් දෙවන දිගහැරැම

466 108 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"මොකුත් නෑ. ......"

"ඔහොම ඉන්නව .... අයාන්. ...."

ඒ එයාගෙ වචන .... කේන්තිය පිරැණු වචන. ....... ..... ඒත් මම නෑහුන ගානට එන්න ආව ... එක තත්පරයක්වත් යන්නැතුව ඇති දොරත් සද්දෙට වහගෙනම වාහනේ පිටිපස්ස ඇවිත් නැග්ග එයා පිටිපස්සෙම තිබුන එයාගෙ පොඩි බෑග් එක ඇරිය වගේම මගෙ එහා පැත්තෙන් වාඩිඋනා. ..... . ...


"ෂර්ට් එක ගලවන්න. ..... "

**************************************

"ෂර්ට් එක ගලවන්න ...... මොකටද....."

" අතට මොකද කියලා බලන්න. ... "

එයා උන්නෙම මම නොගැලවුවොත් එයාම ෂර්ට් එක ගලවන විදියට වෙනකොට ඇත්තටම මම බය උනා ..... ඒ වෙනමොකටවත් නෙවෙයි ... මගෙ කරේ තියෙන චේන් එක දැම්ම මුදුව ගැන .... එයා ඒක දකීවි කියල බය උනා... . .....මට උඹගෙ කියල ඉතුරැ මෙච්චරමයි....

"මම ඩොක්ටර් කෙනෙක් අයාන්. .... අනික මමත් පිරිමියෙක් ... ඒක නිසා ඔය ෂර්ට් එක ගලවල මට අත පෙන්නුවොත් හොදයි ...... අනික ඉතින් ආන්ටි උනත් ඔය ගැන දැනගත්තොත් හිත රිද්ද ගනී.... "

"හරි මම ගලවන්නම්...."

එයත් එක්ක තර්ක කරන්න නොගිය මම පිටුපාල හැරැණ වගේම ඇදන් උන්න ෂර්ට් එක උරහිසෙන් පන්නල දැම්ම වගේම මගෙ පපුවට පහලින් එල්ලෙන මුදුව අතේ හරි පරිස්සමට ගුලි කරගත්ත. .... . ......

. " අත හොලවන්න පුලුවන්නෙ නේද....."

" හ්ම්ම්ම් .... "

"මොකක් කරන්න ගිහින් ද අත තලාගත්තෙ ....... "

"බාත්රෑම් එකේ ලිස්සල වැදුන. ... "

" බොරැ නේද..... පොඩි එකෙක් වගේ හැමතිස්සෙම තුවාල කරගන්නෙ ... පරිස්සම් වෙන්න බැරිද...? "

" හ්ම්ම්ම් "

මම බොරැවක් කීව. .... .ඇත්ත. ... මිනිස්සු හැමෝම කියන්නෙ ඇත්ත කියන්න කියල...... බොරැ කියන එක පවක්ලු.... ඒත් උන් දන්නෑ සමහර වෙලාවන් තිබුන ඇත්ත නොකිය කරන්න තියෙන හොදමදේ වෙනුවෙන් බොරැවක් කියන්න උන..... කොටින්ම මේ ලෝකෙ බොරැවක් නොකියපු මනුස්සයෙක් ඇත්ද.... හැම මනුස්සයාම මොනම හරි හේතුවකට බොරැවක් කීව. ... මමත් ඒ වගේ.... උඹ වෙනුවෙන් ... මගෙ ආදරේ වෙනුවෙන් පුංචි බොරැවක් කීව. ... ඒත් ඇත්තම ඇත්ත නම් අයාන් කියන්නෙම බොරැවක් උනා.... මොකද මම කියන්නේ වෙන කෙනෙක්ගෙ නමක් අරන් ජීවිත් වෙන කෙනෙක්.... .... ..... ... ...

The white  lotus   ( Complete )Where stories live. Discover now