දහසයවන දිගහැරැම. ..

597 123 12
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. . .

.අනිත් මිනිස්සු කෙසේ වෙතත් මගෙ සුදු ආච්චි ඒ ආදරේ හරි වෙලාවට තේරැම් අරන් හරි කෙනාට දීල තිබුන කියන්න අද වෙනකලුත් අල්ල ගත්ත අත අතනොඇරම ඉන්න සීයතාත්තා සාක්ෂියක් උනා.

"ඇත්තටම සුදු ආච්චි ආදරේ මොන වගේද. ...... ඒ හැගීම කොයි වගේද දැනෙන්නෙ. ...... හරියට මම සුදු ආච්චිට සීයාතාත්තාට ආදරේ කරනව වගේද.......


*******************

" අනෙ මගෙ පිස්සු කොල්ල. ...... මොනා කියනවද මන්ද. .........දරැවෝ..
එක හිතකින් ගොඩකට ආදරේ බෙදන්න පුළුවන් උනාට ඒ ඒ කෙනාට හිතේ තියෙන හැගීම් වෙනස් වෙනව........ හරියට කවදමහරි දවසක මයෙ මැණක බදින දරැවට දෙන ආදරෙයි මටයි සීයතාත්තටයි දෙන ආදරේ එක වගේ නෑ දරැවො. ... "

" තේරැනාද මයෙ මැණිකට ......"

"හ්ම්ම්ම්. ....සුදු ආච්චි දැන් නිදාගන්න මම නිසා නිදාගන්නත් නෑනෙ.....මම යන්නම්. ........"

මම එන්න ආව..... ලෝබ හිතුනත් මම එන්න ආව. . ...මොකද මම දන්නවා ඉස්සරහ වගේ මට නින්ද යනකම්ම ඔලුව අතගාන්න තරම් ඒ අතට දැන් වාරැ නෑ කියන්න....... ....... .. හිතන්න දේවල් කප්පරක් මගෙ හිතේ ගොඩගැහිල තිබුන. ....කොටන්ම පුංචිහාමු මගෙ ජීවිතේට ආවට පස්සේ මගෙ හිතට මහ බර ගතියක් දැනුන. ....ඒ උනත් හිත පිරිල
තිබුන.......

**************

හිත හිතාම උන්න මට නින්ද ගිහින් තිබුන වගේම නිකමට වගේ මම වෙලාව බැලුව ....... දෙයියනේ. ... නවයටත් කිට්ටුයි. ........ රෑ වෙලා නින්ද ගිහින් තිබුන නිසාද මන්ද ගොඩක් පරක්කු වෙලා තිබුන උනත් ඊයෙ හවස කැඩුව මල් පොහොට්ටු ටික දැක්කම හිතට සැනසීමක් දැනුන .... ........

" හැමදාම උයන්නෙ කරැණෙසීයද.... "

" අනේ නෑ පුංචි හාමු ... වෙනදටනම් අපෙ කොල්ල පාන්දරම ඇහැරිල උයලත් ඉවරයි පුංචි හාමු. .... ඌ මේ වෙනකොට උයල අපිට බතුත් කවල බෙහෙතුත් පොවල කඩේඅරින්නත් ගිහින්. ....... "

" අද තාම ඇහැරිල නෑ. ..... ඊයෙ රෑ වෙනකන්ම ඇහැරිල ඉදල නින්ද යන්නෑ කියල ඔය මට කියල ඔලුව අතගාවගෙන තමා නින්දට ගියේ... පව් මගෙ පොඩි එකා. ........... පුංචි හාමු. .... ලොකු මනුස්සයෙක් වගේ අපිට හරිහම්බකරල කන්න අදින්න දුන්නට ඌ තාම පුංචියි. ........ "

The white  lotus   ( Complete )Where stories live. Discover now