විසිතුන්වන දිගහැරැම

530 119 7
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. .

වෙනදට නැති මහ පාලු ගතියකින් මගෙ සිත වෙලිල තියෙද්දි තාමත් නතර නොවුනු වැහි බින්දු වැටෙන සද්දෙට මන් කන් දියාන උන්න. .... නින්දක් නැතිව නෙවෙයි ඒත් වෙනද නැති මහ අමුතු සතුටකින් හිත පිරිල ගිහින් තිබුන . ........ මෙච්චර දවසක් මේ පැදුරැ කඩමල්ලෙ තනියක් නොදැනුනු මගෙ හිතට අද තනිකමක් හිතට එබුන..... ඇත්ත මගෙ හිතට ඕන ඒ ආදරේ..... ගතට ඕන ඒ උනුහුම....... මම හිතින් එයාව හොයාගෙන ගොඩක් දුර ගියා.......



** **********************************


කාලයට පුළුවන් ලු ඉගිල්ලෙන්න ... ඇත්ත කාලය අපිට නවත්තන්න බෑ..... ඒත් ඒ කාලය ඇතුලෙ අපි කරන කියන දේ වලට ජීවිතේ හමහර දේවල් තීරණය කරන්න පුළුවන් කමක් තිබුන. ..... ........... .. මේ සතියෙම පුංචි හාමුට නයිට් ඩියුටි නිසා මගෙ හිත වලව්වට යන්න අදිමදි කරා උනත් වෙනද වගේම අදත් මම හවස් වරුවේ වලව්වට යන්න බලාන උන්න ...... .........


" චුටි පෝන් එකක්. ..... ඇත්තමයි මට මහ මෙරක් වගේ.... "

පෝන් කඩෙන් එලියට ආව මම අතේ තිබුණු අලුත් චූටි බටන් පෝන් එක හරි පරිස්සමට අල්ලන් උන්න. ...... වැඩි වටිනාකමක් නොවුනත් ඇත්තටම මගෙ හිතට මහ අමුතු ආඩම්බරයක් දැනුන. ......... මන් ගැනම ...... ඒක අසාධාරණ නෑ...... මම මහන්සියෙන් හම්බකෙරැව දේකින් ලබන පුංචි ආඩම්බරයක්....... ජීවිතේ පලවෙනි වතාවට මම අපිටයි කියල පෝන් එකක් ගත්තමයි... ඇත්තටම තියෙනකමකට ගත්ත නොවුනු කොට නොගෙන ඉන්න බැරිකමටම ගන්න සිද්ධ වුනා..... දැන් දැන් සීයතාත්තා නිතර නිතර අසනීප වෙන්න අරන් උන්න වෙනකොට කියා ගන්න බැරි වේදනාවකින් මගෙ හිත ආයෙමත් පිරිල ගියා...... කොටින්ම දැන් ටිකකට කලින් තිබුන සතුට හේදිලම යන්න  ගියා.........

සීයතාත්තාගෙ වේදනාව ඉස්සරහ උඩට ගත්ත හුස්ම පහලට දාන්න අමතකවෙන සුදු ආච්චි ලග......මම අසරණ වෙන තරම දන්නෙ මම විතරක්ම උනා. ........... කොටින්ම සීයතාත්තගෙ වේදනාව ඉස්සරහ සුදු ආච්චිගෙ ඇස් වලින් වෙනසක් නැතුව උතුරන ආදරේ මම හැමදාම දැක්ක. ...... වෙනසක් නැතුවම......... මම නැති උන වෙලාවට හදිසියට කතාකරන්න පෝන් එකක අවශ්‍යතාව ගොඩක් තදින්ම දැනුන  හේතුව හින්දම   මම මේ  තීරණය ගත්ත. ......... මහලොකුවට නැතිඋනත්  තිබුන විදියට පුංචි පෝන් එකක් අරගත්ත............. .......


The white  lotus   ( Complete )Where stories live. Discover now