පස්වන දිගහැරැම

722 149 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අතේ බැදල තිබුන මගෙ පරන අත්ඔරලෝසුවෙන් මම වෙලාව බැලුවෙ බස් එක ගිහින් ද බලන්න. ...... හොද වෙලාවට ගිහින් නෑ....... මෙච්චර වෙලා බර වෙලා තිබුන අහසත් හොදටම අඩන්න ගද්දී ඒකටම හරියන්න අහසෙ හෙන පිට හෙන පුපුරන්න ගත්ත. .........මේ වෙලාවට ගෙදර හිටියනම් මම සීය තාත්තාගෙ හරි සුදු ආච්චිගෙ හරි ඔඩොක්කෙන් ඔලුව තියාගෙන ගුලිවෙලා ඉදී.... .....හේතුව මටම තේරැම් ගන්න බැරි උනත් වැස්සට මම කොච්චර ආස කරාද ඒ තරමටම මම ගොරවන හඩට බයවුනා........ හෝල්ට් එකේ කොනකට වුනු මම අතේ තිබුණු බෑග් එක පපුවට තුරැල් කරගත්ත. ....... ටිකකින් හෝල්ට් එක ඉස්සරහ නැවතුන කා එක මගෙ බය තවත් වැඩි කරද්දී මම අඩියක් පස්සට ගියා. ...........

" පු..... පුංචි හාමු......... "

************************************

කා එකෙන් බැහැල මගෙ ලගට ඇවිදන් එන පුංචි හාමුව දැක්කම වැරැද්දක් නොකරම උනත් මගෙ හිත පුදුම විදියට ගැහෙන්න ගත්ත. මම පුලුවන් තරම් උත්සාහ කරේ ඒ දිහා නොබල ඉන්න වෙනකොට මම කරේ ඈත පාරට ඇස් දෙක යැවුව එක. නොහිතුනු වෙලාවක ලග ලගම වැදුන අකුණකට මම කන් දෙකම අත් දෙකෙන් වහ ගත්ත වෙනකොට එහෙමම ලගහිටිය කාගෙ හරි පපුවකට තුරැල් වුනා......... ඒ පපුව හරි උනුසුම්. ..... මගෙ උරහිසේ රැදුන අතත් එක්කම කරන්ට් එකක් වැදුන වගේ ඒ පපුවෙන් ඈත් වුන මම ඊලගට දැක්කෙ මගෙ ලග හිටිය. ......

" පු ....පුංචි හාමු. ..... "

බස් එකට ගොඩවුන මට මෙතනට ආවෙ කොහොමද කියලවත් හරියට මතක නෑ........... හරියට වලව්වෙදි උනා වගේම මම ඒ රෑපෙ ඉස්සරහ බය වුනා වගේම දුවල ඇවිත් බස් එකේ නැග්ග. බස් එකත් හොද වෙලාවට ආවෙ........ නැත්තන්......... ඇයි මටම මෙහෙම වෙන්නේ. .......... ඇත්තටම මම පුංචි හාමුට වැරැද්දක් කරාද නැද්ද........ මට හිතෙන්නේ මම වැරදි එකක් නෙමේ දෙකක්ම කරල...... එක එදා මම වලව්වෙ දි පුංචි හාමුගෙ ඇදේ නිදාගත්ත එක එතකොට අද මම පුංචි හාමුට තුරැල් උන එක. ....... ඒත්... ඒක එහෙමයි කියලම කියන්න බෑනෙ මම ඒ එකක් වත් හිතල කෙරැව දේවල් නෙමෙයිනෙ අනික මම පුංචි හාමුට තුරැල් වුනේ නෑනෙ නිකන් ඔලුව විතරයිනෙ තියවුනෙ....... මම මාත් එක්කම කියවල හිත උපරිමෙන් සන්සුන් කරගන්න උත්සාහ ගත්ත........ ඇත්තටම පුංචි හාමුට මම බයවෙන එක සාධාරණයි නෙමේද ........ මුලු ගමේම කිසිම කෙනෙක් එක වචනයක් වලව්වෙ මනුස්සයෙකුට කියන්න බය වෙද්දී මම විතරක් කොහොමද එහෙම නොවී ඉන්නෙ. ...........

The white  lotus   ( Complete )Where stories live. Discover now