නමවන දිගහැරැම

657 134 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"මම යන්නම්. ....... සීයතාත්තාට විටමින් ටික දෙන්න. ...... හවසට වලව්වට එන්න ඕන නෑ ...... අම්මට මම කියන්නම් ඒ ගැන. ...... ..... සුදු ආච්චිටයි සීයතාත්තාටයි කියන්න මම ගියා කියල ...... පරිස්සමට ඉන්න "

"දලදා සමිදු පිහිටයි .... පුංචි හාමුටත්..... "

ඈතටම වාහනය නොපෙනී යනකන්ම බලන් උන්න මන් ආයෙමත් ගේ ඇතුලට ආවෙ කවදාවත් නොදැනුනු පාලුවකින් මගෙ හිත වෙලා ගනිද්දී.....

*************************************

හවස් වෙනකොට සීය තාත්තාගෙ උණ හොදටම බැහැල ගිහින් තිබුන. ..... වලව්වටත් නොගිහින් උන්න නිසා මම වේලාසනම උයන්න ගත්තේ නැති නිසාම හිටවල තිබුන ඉගුරැ පදුරෙන් අල දෙකතුත් ගලවගෙනම ඒ දෙන්නට තේ හදන්න ගියා...... ඉගුරු දාපු තේ දෙකත් අරගෙන මම සීය තාත්තාගෙ කාමරේට ගියා. ...... මේ ජීවිතේ හරි බරයි....පැදුරැ කඩපිල්ල උඩට වෙලා තාමත් නිදාගෙන උන්න මගෙ සීයතාත්තා. ...එතකොට සීය තාත්තට ආව තේව කරන්න තාමත් ලග ඉදන් උන්න සුදු ආච්චි. .......... මගේ හිතට වේනයි...අඩුම තරමින් ඒ දෙන්නට නිදාගන්න හොද ඇදක් .... මේ වරිච්චිබිත්ති වෙනුවට ගඩොලින් බැන්ද ගෙයක් ඒ දේවල් කරන්න මට තව කොච්චර කල් යාවිද ....... ඒ තාක් කල් ඔය දෙන්න මන් ගාවම ඉදීනේද.......

"මොනවද දරැවො තේ දෙකත් අතේ තියාන කල්පනා කරන්නේ ....... "

" සුදු ආච්චි. ....... මොනවත් නෑ......මම සුදු ආච්චිගෙන් දෙයක් අහන්න ද.. "

"මොකද්ද දරැවො ........ "

" පුංචි මැණිකෙව කසාද බැන්දුවෙ අකමැත්තෙන් ද සුදු ආච්චි. ........ "

මම හිත හිතා හිටියෙ ඒ දේ නොවුනත් දවල් ඉදන්ම අහන්න කියල මට හිතුන දෙයක් නිසා මම ඇහුවා .......

" අනේ ඒ ගැන කියල වැඩක් නෑ දරැවෝ.......පුංචි මැණිකෙ බැන්දුවෙ සූරියබණ්ඩාර වලව්වෙ දෙවනි දරැවට. ....මට මතකයි හාමුව බදින්න බෑ කියලා පුංචි මැණිකෙ පොලොවේ හැපි හැපී ඇඩුවා. . ......ඒ මනුස්සයා කලින් බැදපු මනුස්සයෙක්ලු......... ඔය මොනවාහරි හේතු තියෙන්න ඇති. .... නැත්තන් පුංචි මැණිකෙ ඒතරම්ම අකමැති වෙන්න හේතුවක් නෑනේ..... ඒ කොහොමින් කොහොම හරි හාමුලට තියෙන සල්ලි තණ්නාසෙට ඒ කෙල්ලව බිලි දුන්න. ....... උඹට මොකෝ පුතේ ඒ ගැන හදිසියේම. ........ "

The white  lotus   ( Complete )Where stories live. Discover now