පනස් දෙවන දිගහැරැම .

517 101 21
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

තවත්  මගෙන්  ඈතට දුවන්න හදන්න එපා  දෙව්. ...  .... ඔතන අයිතිය තියෙන්නේ  උඹට විතරයි .......  උත්තරාටවත්  වෙන කාටවත්  ඒ තැන ඉඩක් නෑ...... මට එහෙම දෙන්නත් බෑ......මේ විෂේන්ගෙ අයිතිය උඹට විතරයි.....  "


*************************************



මම ඒ පපුව උඩට වෙලා හුස්මක් ගත්ත..... හිත පිරෙන්න. ... ඒත් එක්කම ටේබල් එක උඩ තිබුන මගෙ පෝන් එකේ රින්ග්ස් යන්න ගත්ත. ..... තිවාන්ගෙන්..... මම කෝල් එක කට් කරා...... වෙන මොකවත් හින්ද නෙවේ එයාගෙ නින්ද කැඩෙයි කියල හිතේ තිබුන බයට...


"මම උඹට පස්සෙ ගන්නම් තිවාන් ....

.හරි බන් හදිසියක් නෑ..... උඹට මම දවල් කීව දේ නිසා අවුලෙන් ද කියල බලන්න ගත්තෙ. ....


මම හෙට උඹගෙ ගෙදර එන්නම්. ....


උඹ එන්න ඕන නෑ..... දවල් වෙලා මම උඹව මීට් වෙන්න හොටෙල් එකට එන්නම්..... කලබල නොවී පරිස්සමට ඉදපන්. .... ..."

"හොදයි එහෙම කරමු. ... ගුඩ් නයිට්බන් ..."





.මම ආපහු පෝන් එක තිබ්බ. ....

"මැණික. ... උඹට දැන් මහ රෑට කෝල් කරන්න කට්ටියත් ඉන්නව නේද....

මෙච්චර වෙලාම නිදන් උන්නයි කියල හිතන් උන්න එයාගෙ වචන වලට මම ගැස්සුන. .... හරියට හොර වැඩක් කරල අහුවුන පොඩි එකෙක් වගේ. .....


"තිවාන් කෝල් කරේ "

"හ්ම්ම්ම් මට හිතුන. ...... "

ඇලවෙලා උන්න එයා ඇද විට්ටමට හේත්තු උනා වගේම මන් දිහා බලන් උන්න. .. ඒ රතු උන ඇස් නිදිමතටදෝ මන්ද බාගෙට පියැවිල ගිහින් ආයෙමත් ඇරැන ...... ලග උන්න එයා ඇගේ ගෑවෙන තරමටම මට ලන් වෙද්දී ඇත්තමයි ඉස්සර කොයිතරම් ඒ උනුසුමේ උන්න උනත් මගෙ හිත කාටත් හොරෙන් පිස්සුවෙන් වගේ ගැහෙන්න අරන් තිබුන. ..... මන් දන්නෑ මේ රෑ ජාමෙ එයාටවත් මටවත් නින්දක් තිබුනෙ නෑ. ...... මගෙ හිතේ එක එක විකාර දුවද්දී අන්තිමේට මගෙ මූණට එබිල උන්න එයා දිහා නොබලම මම හුස්ම ඇල්ලුවා. .....

The white  lotus   ( Complete )Where stories live. Discover now