දහනවවන දිගහැරැම.

569 132 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අමාරැවෙන් කූරැටික අමුනල තිබුන කුඩෙත් ඉහලන් මම එලියට බැස්ස........ අතෝරක් නැතිව සෙංකඩගල අහස තාමත් අඩන්න අරන් තිබුන වෙනකොට  හුලගත් එක්ක  ආව පින්නට හිරියක් ඇග දිගේ ගලන් ගියා.......  තැන් දෙක තුනක් ඇරෙන්න තෙමිල  තිබුන  ඇදුමෙ ගන්න දෙයක් නැති වෙද්දී ඇදුම තනි අතින් ගස ගසම මම  පිලිකන්න පැත්තෙන් වලව්ව ඇතුලට උනා... ඒ පුංචි හාමුගෙ වාහනේ තියෙනවද කියලත් බලාන.....
පේන්න නැතිවුන පුංචි හාමුගෙ  වාහනේ  හිතට සැනසීමක් ගෙනාව උනත් පේන්න නොහිටිය ලොකුමැණිකෙ,හාමු....පුංචි මැණිකෙ මගෙ හිතට බයක් එකතු කරා...... කොටින්ම කීවොත් වලව්වෙ තනියට උන්නෙ කුස්සියෙ උයන පිහන  ඩිංගිරි මැණිකේ විතරමයි වෙද්දී ගොලු උන ඩිංගිරි මැණිකෙ දිහා බැලුව මම අනිත් අතට වලව්ව ඇතුලට ආව. ...  ........ හිතට හරි නැතිනිසාද  වැහිමන්දාරම නිසාද මන්ද වෙනදටවත්  නැති තරම් වලව්ව අද පාලුවට ගිහින් තිබුන ........  වෙනද වගේම මගෙ පලමු රාජකාරිය පුංචි හාමුගෙ කාමරේ අස් කරන එක වෙද්දී මට අන දෙන්න ලොකු මැණිකෙවත් නොඉද්දි  හුලගට එහාට මෙහාට වැනෙන දොර රෙදි අතරින් බාගෙට ඇරිල තිබුන පුංචිහාමුගෙ කාමරේ  දොර හොදටම එහාට කරා........ ......


     "තමුසෙව අල්ල ගන්න තමයි මම හිටියෙ. ........ මෙහෙට එනව..... "

*************************************

    කාමරේ තිබුන අඩ අදුරෙම මම දැක්කේ අත් දෙකත් බැදන් ඇද විට්ටමට හේත්තු වෙලා  උන්න පුංචි හාමුව..... තියන්න ගත්ත අඩිය පස්සට ගත්ත මම පුංචි හාමු දිහා බලාන උන්න ....

  "  කාගෙන් අහලද ගෙදර ගියේ...... කියනව ඉතින් මට...... "

   
   "  මම මේ.....පුංචි හාමුයි අර නෝනයි කතා කර කර හිටිය නිසා  කරදරයක් කියල හිතුන. ...ඒක නිසා මම.ගෙදර එන්න හිතුව. ..... "

"    ගෙදර ආව එක හරි කියමුකො. ...නිකමටවත් තමුසෙට යන්න කලින් මට කියන්න බැරි වුනා ද....... මොනව හරි උනානම්  එක්කගෙන ගිය මම නෙවේද වගකියන්න ඕන. ..   ..... ...... "


The white  lotus   ( Complete )Where stories live. Discover now