අටවන දිගහැරැම

656 141 18
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මගෙ මුළු ජීවිතේ තියනකම්ම ....... මොකද ඒ මගේ මුළු ජීවිතේම නිසා....
අනික තවදෙයක් මතක තියාගනින් මල් නෙලන්න විතරක් නෙවෙයි කැත්ත උදැල්ලටත් මේ අත්දෙක හුරැයි කියල......

" හරි....මල්ලී අපි බලමුකෝ ........ "

පිටි පැකට් එකත් මල්ලට දාගත්ත මන් එන්න ආවෙ මගෙ කේන්තිය උපරිමේටම ගිහින් තිබුන නිසා....... දුප්පත් උනත් අපෙ ජීවිත පාතටම දාල කතාකරන්න තරම් ඌ කවුද. ..... සල්ලිවලට ජීවිතේ මනින ඌ වගේ එවුන්ට පුලුවන් ද බැදීම් කියන දේ තේරැම් ගන්න. .........

*************************************

"මොකෝ දරැවො මූණත් එක්ක එල්ලගෙන...... මොනව හරි ප්‍රශ්නයක් ද. ....."

සුදු ආච්චිට මගෙ පොඩි වෙනසක් උනත් හොදට තේරැම්ගන්න පුලුවන් වුනා වුණත් අනිත් හැමදේම වගේ මේ කාරණේදි මම මේ දේ නොකිය ඉන්න එක හොදයි කියලා හිතුනා. ....ඒ වෙන මොනවත් නිසා නෙමෙයි ඒ දෙන්නගෙ හිතට මන් ගැන බරක් දෙන්න බැරි නිසා. .....

"මොකවත් නෑ සුදු ආච්චි. ......කොහොමද සීය තාත්තාට දැන්.... "

" දැන් අඩුයි මැණික උණ බැහැල ගිහින්. .... "

දොලහයි තිස්පහයි..... ම්ම්ම්ම් දැන්ම උයන්න ගත්තොත් හොදයි වගේ. ......සීයාතාත්තා උදේට කෑවෙත් නෑනේ හරියට ..... ඒ නිසා බඩගිනියිත් ඇති දැන්නම්. ...... සුදු ආච්චිගෙ රෝද පුටුවත් තල්ලු කරගෙන මම ගියේ සීයතාත්තා ඉන්න තැනට...... පව් පැදුරට වෙලා නිදි....... මම එහෙමම නලලට අතතියල උනද බැලුව. ....ම්ම්ම්ම්. ....උදේවගේ නෙමේ දැන් උණ බැහැල ගිහිල්ලා. ..... .... මගෙ සීය තාත්තාට ඉක්මනටම හොද වෙයි........

" මම උයන්න යනව සුදු ආච්චි. ...... ඔයා සීයතාත්තා ලගට වෙලා ඉන්න. ..... "

උදේ වැඩට යන්න ඇදගෙන හිටිය ඇදුමෙන් ගෙදර ඇදුමකට මාරැ වුන මම ගෙනාව පිටි එකත් අරගෙන කුස්සියට ගියේ පොල් රොටී හදන්න. ....... සැරට ලුණු මිරිසකුත් හදලම රොටී හදමු ..... ම්ම්ම්ම්. ....ලූණු ගෙඩියක් කරපිංචා ඉති දෙක තුනක් .අමුමිරිස් කරල් දෙක තුනක් අතට ගත්ත මන් ඒව පොඩි කෑලි වලට කපල ගාගත්ත පොල් එකටම දාල පිටි එක ඇණුව..... මෙහෙම සැරට හැදුවම රසයි .... සීයාතාත්තාට අප්පිරියාවක් දැනෙන එකක් නැතිවෙයි. ...... සුදු ආච්චි කාත් එක්කද කතාකරන්නෙ...... සීයතාත්තා ඇහැරිලවත්ද .......

The white  lotus   ( Complete )Where stories live. Discover now