තිස් හත්වන දිගහැරැම

433 109 11
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මට ඉන්න කියල එයා යන්න ගියා උනත් එහෙම  ඉන්න  වුනේ නෑ.... කෝල්  එකක්..... දවස්  ගානක් මම මග බලන්  උන්න  ඒ එකම එක කෝල්  එක මගෙ තුවාලෙ සිහිය සම්පූර්ණයෙන්ම නැති කරා ....

**""*********************************

දෙපාරක් නොහිතම සාක්කුවෙ තිබුන ලේන්සුව එලියට ඇදල ගත්ත මම ලේ යන තුවාලෙ ගැට ගහගත්ත වගේම පෝන් එකත් කනේ ගහගෙන රෑම් එකට ආව. .... දොරත් ලොක් කරගෙනම. .... මට ඕන මේ කතාව කාටවත් ඇහෙන්නැති වෙන්න
......... අවුරුදු ගානක් වලලපු අතිතෙකට ආයෙම පණ දෙන්න බැරිකමට උහුලන් උන්න මම ආයෙමත් ඒ වැලලුනු අතීතෙ මම කව්ද කියන එක හොයන්න අරන් තිබුන. ....... මොකද මටම උත්තර ඕන උනා ....
...... නිමක් නොවෙන ප්‍රශ්න ගොඩකට උත්තර මට ඕන උනා ...........

"හෙලෝ.... පියල්. .. මම එදා හොයන්න කීව දේ ගැන මොනවම හරි ඩීටෙල්ස් එකක් හම්බවුනාද. ... "

" හෙලෝ අයාන් සර් .... සර් කීව විදිහට ඔය ගමේ උන්න කීව සිරියලතා කියන ගෑනු මනුස්සයගැන මම ටිකක් හොයල බැලුව.... ඒ ගෑනුමනුස්සයා තමා අයාන් සර් කීව ඒ කාලෙ වලව්වෙ වැඩට ඉදල තියෙන්නෙ .... පස්සෙන් පහු ගෑනි වලව්වෙන් ගිහින්. ......"

" ඒ ගෑනු මනුස්සයාව පියල්ට හොයාගන්න බැරි වෙයිද. .... "


" ම්ම්ම්ම් .... හොයාගන්න නම් බැරි වෙන එකක් නැතිවෙයි අයාන් මහත්තයා ....ඒත් මට ටික කාලයක් යයි.... ..... ඒත් පොඩි ප්‍රශ්නයක්. ..... අයාන් මහත්තයා කීව විදිහට ඔය කියන කාලෙ ඒ වලව්වෙ දැන් ඉන්න ලොකු හාමුත් එක්ක තව පිරිමි දෙන්නෙක් නැවතිල ඉදල තියෙනව.... මට දැනගන්න ලැබුන විදියටනම් මහත්තයෝ එතනින් එක්කෙනෙක් තමයි ඔය කියන සමිත් වීරවංශ. ...... "

"මො...මොකද්ද නම කීවෙ. ...."

"සමිත් වීරවංශ කියල කෙනෙක් මහත්තයෝ..... "

තාත්තා. .....මගෙ තාත්තා කොහොම වලව්වෙ මිනිසුන්ව දන්නෙ.... ඒක... ඒක කොහොම ද..... ....

........

"මහත්තයා. .... මහත්තයා. ... අයාන් මහත්තයෝ. .... මම කියන දේ ඇහෙනවද. ... "



The white  lotus   ( Complete )Where stories live. Discover now