විසිහතර වන දිගහැරැම

509 125 10
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඉස්සරහ දොරට තඩිබාන සද්දෙට ගැස්සුන මට පැදුර උඩ ඉබේටම ඉන්දවුන. වැස්ස අස්සෙම උනත් තාමත් නොනැවතී දොරට තඩිබාන සද්දෙ මගෙ හිතට එකතු කරේ මහ අමුතු බයක්. ..... බැරිමතැන ලාම්පුවකුත් පත්තු කරගත්ත මම හෙමීට දොර ලගට අඩි තිබ්බ. ..... රන්මලී නැන්ද. ..... නැන්දවත්ද............ ?


*************************************

    "නෙලුම්. .......  "

   
   "දෙයියනේ පුංචි හාමු. ..... "

 

  මම දොර ඇරිය .......... .. ඇවිත් උන්නෙ එයා ....  දොරකඩගාව හිටන්  උන්නෙ පුංචි හාමු   . ........ නොතෙමෙන්න  ඇදන් උන්න  රේන්කෝට් එක ඇරැනම අඩ අදුරනිසාම මට ඒ මූණෙ ලියවිල තබුන හැගීම් කියවන්න අමාරැ උනා. .....

  "නෙලුම් සීතලයි ....  මම ඇතුලට එන්න එපාද......... ?

  එයා අහනව ඇතුලට  එන්න එපාද කියල. ......    මගෙ හිත හරිම  කලබලයි...... මට හිතුනෙම පුංචි හාමුට කරදරයක්වත්ද  කියල වෙනකොට මම  එයාව අතින් ඇදල  ඇතුලට අරගත්ත.....
.....

   " පුංචි හාමු. .... ඇයි මේ රෑ වෙලා..... වැස්සෙම තෙමි තෙමී මොකක් හරි කරදරයක් ද?"

   "එහෙම දෙයක් නෑ මැණික.......  උඹව බලන්න ඕන උනා. ......  මට කෑමත් ඔතන් ඇවිත් ආපහු යන්න උනාම උඹට දුක හිතුන නේද මැණික. ..... ඒ නැතත්  මට උඹව මහ හුගක් මතක් උනා. .... ......   ......  "

  එයා කතා කරන්නේ හරි හෙමීට. .... ඇත්තටම  සුදු ආච්චි හරි සීයතාත්තට හරි ඇහෙයි කියල මගෙ හිතටත් දැනුනෙ බයක්
....... මම ඔව් කියන්න ඔලුව හෙලෙව්ව....... දුක හිතුන නොසෑහෙන්න. ...... කටින් නොකීවත්  එයාට බත්කටක් අනල කවන්න මම ආසාවෙන් බලන් උන්න. ....... ඇදන් උන්න  රේන්කෝට් එක  ගලවල දැම්ම  පුංචි හාමු මාත් එක්කම  කාමරේට ඇවිත් පැදුර උඩින් ඉදගත්ත වෙනකොට  ලාවට වගේ  මම ලාම්පු එලියෙන් එයාගෙ මූණ දැක්ක . ....... හරි මහන්සි පාටයි...... ඒ මූණෙ ඇදිල තිබුනෙ  මහන්සියක්...... ඒත් ඒ  මහන්සිය අස්සෙම එයා මට  හිනාවක් දුන්න. .. ...... ..   ඇත්තමයි මගෙ හිත පිරිල ගියා.....ටිකකට කලින් මගෙ හිතේ තිබුන හිස් බව නැති කරන්න ඒ එකම එක හිනාවට  පුළුවන් උනා කීවොත් හරි. .......

The white  lotus   ( Complete )Where stories live. Discover now