පනස් එක්වන දිගහැරැම.

480 99 18
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

එයා යන්න ගියා. ... මෙච්චර වෙලාම හරි අමාරැවෙන් වාරැ දීගෙන උන්න කකුල් දෙක ඉබේටම කඩාගෙන වැටෙද්දී ටයිල් පොලොව උඩ ඉන්දවුනු මම දනහිස් මැද මූණ හංගත්ත..... ඇත්තටම මට තේරැනෙ නෑ මොනව කරන්නද කියලා. .........   කදුළු වලට නිදහසේ ගලන්න ඉඩ දුන්න මම ඔලුව ඉස්සුව. .......  එයා නිහඩයි...... හරියටම කුණාටුවකට එන්න කලින් මුලු පරිසරයම නිශ්ශබ්දයි වගේම  එයා නීහඩයි....... . කාමරේම තිබුන නිහඩ බව බිදිල යන්න මගෙ පෝන් එක රින්ග් වෙන්න ගත්ත........

*************************************

වොච්මන් ....

හෙලෝ ජගත් කියන්න. ......

"පුංචි මහත්තයා. ...මේ දයාන් ජිතේන්ද්‍ර බන්ඩාර කියල කෙනෙක් ..... ලොකු සර්ව අහනව ..... "

" දයාන් ජිතේන්ද්‍ර බන්ඩාර. ...... "

බන්ඩාර කියන්නේ සමහරවිට ඩොක්ටර් තේමියගෙ නෑ කෙනෙක්වත් ද.....

" ඇතුලට එවන්න ජගත්.... මම පහලට එන්නම්. .... "

ඉදගෙන උන්නු තැනින් නැගිට්ට මම බාත්රෑම් එකට ගියා වගේම මූණ හෝදගත්ත. ...... ... මම පහලට ගියා වගේම වහල තිබුනු දොර ඇරිය ...... .... ............. කලුපාට අත් දිගට නවපු කමිසෙට ඒපාටටම ඇදල උන්න කලිසම ගානට යටකරල තිබුන. ..... උසටම හරියන මහත...... . පිටිපස්ස හැරිල උන්න මනුස්සයාගෙ මට පෙනුනෙම එච්චරයි. ..

". ...... excuse me ...your mister dayaan ..."

මම කතා කරා ..... . ඒත් එක්කම ඒ මනුස්සයා හැරැණ...නන්නාදුනන ජීවිතේට දැකලවත් නොතිබුන ඒ මනුස්සයාගෙන් මහ අමුතු හුරැ බවක් හිතට දැනෙද්දි මගෙ ඇස් ඒ මූණෙ එහාට මෙහාට උනා. ... ... අහුමුල්ලක් නෑරම දිව්ව ...... ඝණ ඇහිබැමි..... මැදිවයස පහුඋනත් පිරැණු කම්මුල්..... ඇත්තටම ඩොක්ටර් තේමියගෙ මූණුවරට හුගක් සමානයි....... .... මට දැකල හුරැ පුරැදුයි... ඒත් කොහෙද .... මතකෙට එන්නෑනෙ....... මම තනියම හිතින් කියව්ව වගේම මම ආයෙමත් ඒ ඇස් දිහා බැලුව. .... ..... තාමත් එහෙමමයි....... මම කතා කරා උනත් තාමත් ඒ ඇස් එහෙමම මන්ගාව නැවතිල තිබුන වෙනකොට මම ආයෙමත් කතා කරා .... ......

The white  lotus   ( Complete )Where stories live. Discover now