දොලොස් වන දිගහැරැම

669 135 13
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


"ටි...ක....ක් ..... .......මගෙ අදම ටිකට් කපයිද.... පුංචි හාමු. ...... "

" ඩොක්ටර්. ..... හොස්පිටල් එකේ කොහෙද ලමයො හාමුල....... "

ලමයො.... ඇත්තටම පුංචි හාමුට වයස කීයක් ඇත්ද..... අනික මම දැන් ලමයෙක් නෙවෙයි......

"     සොරි.....පුං ..... චි... නෑ .. ඩොක්ටර්. ...."

      "අදම ටිකට් කපන්න වෙන්නෑ..... ඔයා ගොඩක් දුර්වලයි.......  හෙට වෙනකන්  ඉන්න වෙයි..... බයවෙන්න එපා මම සුදු ආච්චිටයි සීයතාත්තාටයි කීව. .... හවස ලෙඩ්ඩු බලන වෙලාවට එයි    ඒ දෙන්න ...... "

*************************************



මම තවත් ඒ දෙන්නට කරදරයක් වුණා කියන හැඟීම දැනුන. ...... ඒ දෙන්නම වයසයි..... සීය තාත්තා කෙසේ වෙතත් සුදු ආච්චි කොහොම එන්න ද..... අඩුම තරමේ මම නැතිව උදේට සුදු ආච්චිව රෝද පුටුව උඩ ඉන්දන්න කෙනෙක් නැතිවුණාම මට දැනෙන හැගීම මට ආයෙමත් දැනුන. ..... සීය තාත්තාට උනත් සීමාවක් තිබුන. .... ඒ අත්තදෙකට හයයහත්තිය තිබුන කාලෙ නිතරම සුදු ආච්චි එහාට මෙහාට එක්ක ගියේම සීයතාත්තා. ........ දැන් උනත් සීය තාත්ත මම නැති වෙලාවට ඉව්වපිව්ව..... සුදු ආච්චිව නෑව්ව...... ගෙවල් මිදුල් පවා අතු ගෑව.......... ඇත්තටම අම්ම අප්පච්චිට උන්න ඒ දෙන්නට මම බරක් උනාය කියන හැගීම මට දුකක් ගෙනාව. .... අනිත් හැමවෙලාවටම වඩා මට මේ වගේ වෙලාවක දි අම්ම අප්පච්චිගෙ අඩුව මහමෙරක් දැනුන . .... ... ඒ දෙන්නට එන්න එපා කියන්න පුළුවන් උනානම්. ........ ඒත් කා අතේ පණිවිඩ යවන්න ද...... .. ......

" දෙව්.......මොනවද කල්පනා කරන්නේ ?...... "

" මොනවත් නෑ. .... .. "

"නෑ නෙමේ .....හිතේ තියෙන දේ මට කියන්නෙ නෑ....... . ..... මම දැන් යනව .. ...... රෙස්ට් කරන්න. ...... "

..................


ඇත්ත හිතේ තියන් උන්න හැගීම් කියන්න බෑ...... මෙච්චර කාලෙකට මට ඇහුම්කන් දුන්නෙ මමම වෙද්දි මිනිස්සු එක්ක කතාකරනවටත් වඩා මම හිතින් මාත් එක්කම කතා කරා............ දැන් ඒක පුරැද්දක් වෙලා...... පිලිවෙලට ලෙඩ්ඩුන්ගෙ වාර්තා පරීක්ෂා කරල අවසානෙ පුංචි හාමු යන්න ගියා. .......








The white  lotus   ( Complete )Where stories live. Discover now