හතලිස් හතරවන දිගහැරැම

421 101 10
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

පැය ගානකට පස්සෙ පියල් දුන්න ඇඩ්රස් එක හොයාන ගිය මම මැටි ගඩොලින් බැදල තිබුන ගෙයක් ගාව නතර කෙරැව. .... වලව්ව වගේම උලු සෙවිලි කරල කපරාදු නොකරපු ගෙයක්. .... මේ මිනිස්සු මෙහෙම හරි ඉන්නව...... නැත්තන් ඉතින් වලව්වට කඹුරපු සේරටම උනේ වලව් වත්තටම පස් වෙන්න.. . .... මට බය හිතුන .... .. . කොච්චර කොහොම හයිය අරන් ආව උනත් ඒ ඇත්ත ..... මට අහන්න වෙන ඇත්ත.. මගෙ ඉස්සරහ දිගහැරනු වෙලාවට. ... මොනව වේවිද.....

**************************************
චිරීස්...................

මලකඩකාලම දිරල ගිය ගේට්ටු කදන් දෙක චිරිස් ගාල දෙපැත්තට තල්ලු කෙරැව මම අටපෙතිය මල් දෙපැත්තම වවපු බොරලු පාර දිගේ ගේ ලගට ඇවිදන් ගියා. ... මම ඇරල තිබුන දොර ඉස්සරහ හිටගත්ත වගේම දොර පලු අතරින් මම දන්න අදුනන රූපයක් එක්ක නන්නාදුනන ගෑනු කෙනෙක් උන්න.... ....

" පියල් ..."

මාව දැකපු හැටියෙම පියල් මන් ගාවට ඇවිදන් ආව. ....

අයාන් මහත්තයෝ. .... ඇයි මට කෝල් එකක් දුන්නැත්තෙ....

ගානක් උන් නෑ පියල්.....

හරි හරි ... මහත්තයෝ. ... මහත්තයා අර හොයපු සිරිය ලතාගෙ දරුවෙක් තමා අර ඉන්නෙ. .. ..... අපි යන්කො මහත්තයෝ. ....එන්නකෝ. ... "

වයස අවුරුදු තිහක විතර මැදිවයසට කිට්ටු කෙරැව ගෑනු කෙනෙක්. ..... ඒ සිරියලතාගෙ දුවද.... තාමත් දොරකඩට වෙලා උන්න ගෑනු කෙනා පෙන්නුව පියල් මාත් එක්කම එතනට ඇවිදන් ගියා...

"මම මේ මහත්තයා ගැන තමා කීවෙ "

.

"ඔය මහත්තයල මගෙ අම්මව හොයන්නෙ මොකටද කියල මට කියන්න පුලුවන්ද. ...."

" මේකයි. ... ඇත්තටම මන් දන්න කෙනෙක් ගැන තොරතුරු ටිකක් හොයනව... ඔයාගෙ අම්ම මන් හිතන විදියට මොනවම හරි තොරතුරක් ඒ ගැන දන්නව ඇති. .. ප්ලීස් මට ටිකක් එයත් එක්ක කතා කරන්න පුළුවන් වෙයිද...."

"හරි එන්නකො මහත්තයල ඇතුලට.."

රතු සිමෙන්ති පොලොවෙ අඩිය තියන වාරයක් ගානෙ ටොකොස් ටොකොස් ගාන සද්දෙ තරමටම මගෙ හිතේ සද්දෙත් වැඩි උන .... බය කුතුහලය මේ හැමදේම අතරින් බොදවුනු මතකෙ උන්න අම්මගෙ අපහැදිලි රෑපෙ මට මතක් උනා. ... .....

The white  lotus   ( Complete )Where stories live. Discover now