හතලිස් පස්වන දිගහැරැම. .

429 111 18
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අසිහියෙන් කා එකට නැග්ග මම පැය ගානකට පස්සෙ ඔහේ එන්න ආව වගේම කව්රුත් නොපෙනන පාලු පාරක කොනකට වෙන්න වාහනේ නැවැත්තුව . .... ......

*******"*"****************************

වාහනේ නවත්තනවත් එක්කම මගෙ පෝන් එකේ රින්ග්ස් යන්න ගත්ත වෙනකොට කවුද මොකටද කියලවත් වගේ වගක් නැතුව උන්න මම ඒ දිහා නොබලම කට් කරල පැත්තකට විසිකරල දැම්ම ......

දැනෙන හැගීම් ....කදුලු හිර කරන් උන්න මගෙ ඇස් මටත් කලින්ම අඩන්න අරන් තිබුන. ..... තවත් මොකටද මම ඒ කදුලු වලට වැට බදින්නෙ...... මම කෑ ගැහුවා. .... අන්තිමේට මම වේදනා දෙන මගෙම පපුවට ගහගත්ත..... මිටි මෙලවුන අත වේදනාදෙන මගෙම පපුව උඩ දිඩි දිඩි ගගා රිදවද්දි මම ඇඩුව. ...... කාටත් හොරාවට ඇඩුව..... පැයගානකට සැරයක් පාරෙ යන වාහනයක් ඇරැනම හද්දා පාලු පාරෙ මගෙ වේදනාව හැහිලද මන්ද කොහේදෝ ඉදන් බකමූණෙක් හූමිටි තිබ්බ. ..... මම මගෙම ජීවිතේ ගැන හිතුව..... එහෙම බැලුවම ලැබීම් කියන දේට වඩා නොලැබීම් ගොඩක් මගෙ ජීවිතේ තිබුන. ...... අඩල අඩල හෙම්බත් උන මම ආයෙමත් වාහනේ පාරට දැම්ම වෙනකොට මෙච්චර වෙලා පැත්තකට විසිකරල තිබුන පෝන් එක කතා කෙරැව. . . .... . ආව කෝල් එක කට් කරල කියල හිතන් උන්න මට පැත්තක තිබුන පෝන් එකෙන් එයාගෙ කටහඩක් ඇහුන. ..... ඒ එයාගෙ කටහඩ. .....


"හෙලෝ.... හෙලෝ. ..මොකද උනේ..ඇයි අඩන්නෙ ..... කොහෙද ඉන්නෙ. .... මොකද උනේ.... කියනව..... ....... දෙව්...... "

දෙව්. ..."

මට ඇහුනෙ එච්චරමයි. .... වාහනේ ඩ්‍රයිව් කරන ගමන් උන්න මට ඇහුන එයාගෙ කටහඩ මට පියවි සිහියත් නැති කරල දැම්ම වෙනකොට අසිහියෙන් උන්න මට ගිය වේගෙටත් වඩා මීදුම පිරැණු පාරෙ මොනවත් පේන්නැතුව ගියා වෙනකොට ගහපු බ්‍රේක් එක නොපෑගුනා... .


දඩාස්.....

. ....

. .. උනේ මොනවද කියලා තත්පරයක් නොහිතාම කාර් එක ගහේ වැදුන...මම එහෙමම උන්න .. තාමත් ස්ටියරින්වීල් එක උඩ තිබුන මගෙ ඔලුව මම එහෙමම තියන් උන්න...මට ඇහුන දේ..... ඒක එක තත්පරේකට මගෙ හිතේ මැවුන දෙයක් ද...... උඹ මට කතා කරා ...... දෙව් කියලම.කතා කරා.... කොහොමද එහෙම උනේ .... මට ඇහුන දේ බොරැවක්. ... ඔව් ඒක බොරැවක්..... එහෙම වෙන්න බෑ නේද.... ඇයි ... ඇයි මෙච්චර. කාලෙකට නාව මතකෙ දැන්... .. මම ඔලුව ඉස්සුව. .... . .ස්ටියරින්වීල් එකේ වැදුන මගෙ ඔලුව ඈදුම්කද්දි උකුම උකු ලේ බින්දු මගෙ සුදු කමිසෙ රටා මවල තිබුන වෙනකොට මම පිස්සුවෙන් වගේ පෝන් එක හෙව්ව. .... ...අත ගගා පෝන් එක හෙව්ව මට අන්තිමේට සීට් එක යට තිබුන පෝන් එක හම්බවුනා..... තාමත් කට් නොකෙරැව කෝල් එකත් එක්කම ......

The white  lotus   ( Complete )Where stories live. Discover now