තිස් අටවන දිගහැරැම

426 105 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

" අයාන්.. . මට ඒ ප්‍රශ්නෙට ඔයාට උත්තරයක් දෙන්න බැරිකමක් නෙවෙයි . .. ඒත් ඒ ප්‍රශ්නෙ උඹ නොහිතන තරම් මට බරයි..... මෙච්චර කාලෙකට ආදරේ කියන ප්‍රශ්නෙට හරි සරල උත්තරයක් දුන්න මට මොන හේතුවකටද කියන්න බැරි තරමටම අද ඔය ඇස් ඉස්සරහ දෙන්න ඕන උත්තරයක් හිතා ගන්න බැරිඋනා ........ මන් දන්නෑ ... ඇත්තටම මට තේරෙන්නෑ ඇයි කියන්න. ...... සමහර විට ඒ ඔයා උත්තරාගෙ මල්ලී නිසා වෙන්න ඇති.... මට ඔයා මගෙ සහෝදරයෙක් වගේ නිසා වෙන්න ඇති. ..... ඒත් ඒ හැගීම මට මෙහෙමයි කියල කියාගන්න බැරි තරමට හුරැ පුරැදුයි...... "


****""*******************************



එයා යන්න ගියා .... අන්තිමේට එයාගෙ වචන විතරක් මගෙ හිතේ පුරවල එයා යන්න ගියා ...



."... උඹ මගේ කව්ද?.... " ඇත්තටම උඹ විතරක් නෙමේ මමත් තාම හොයනව උඹ මගේ කව්ද කියල. .. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඉක්මනටම ලැබේවි... ....
.... කොහොම උනත් හිත බලාපොරොත්තුවෙන උත්තරේ මට හම්බනොවේවි කියල ඇත්තටම මට බයයි ... මම ඒතරම්ම අවාසනාවන්තයෙක් වෙන එකක් නෑ නේද සුදු ආච්චි. .... මගෙ තාත්තා ඇත්තම මගෙ තාත්තා වෙන්න ඇති නේද....... සුමිත් වීරවංශ කියන්නෙ මගෙ ඇත්තම තාත්තා නේද... ... ඔව්.... ඒක තමයි ඇත්ත. .... මම මගෙ තාත්තා දරැවෙක්. ....... කියෙව්වා. .... හිතේ තියෙන ප්‍රශ්නවලට උත්තර බදින්න කෙනෙක් නැති බව දැන දැනම කියෙව්ව මම අන්තිමේට මටම උත්තර බැදගත්ත ....


මගෙ හිතත් එක්කම කියවල අන්තිමේට එයා මේස උඩ තියල ගිය වතුර වීදුරුව අතට ගත්ත මම එහෙමම බෙහෙත් ටික ගිලල දැම්ම වෙනකොට ඔහේ සිවිලිම දිහා බලන් උන්න මට ටිකකින් නිකන්ම නින්ද ගිහින් තිබුන. ...... ආයෙමත් මම ඇහැරැනෙ මගෙ කෙස්ගස් අතරින් එහාට මෙහාට වෙන උනුසුම් අතකට වෙද්දී මම එහෙමම ඇස් ඇරිය. ...

"හොදට නින්ද ගියා නේද. ... දැන්
හයටත් කිට්ටුයි. .... . "

"අක්කා...... ඔයා කොයි වෙලේද ආවෙ...... "

මම එහෙමම ඇද විට්ටමට හේත්තු උනා .......

" දැන් ටිකකට කලින් මල්ලී. ...... ආව ගමන් විෂේන් මට කීව ඔයා කරගෙන තියෙන හරිය..... දැන් ඉතින් තව ටිකකින් මමීල ආවම එයාගෙ සුදු පුතාට තුවාල කරගෙන කියල මට බනී... . "


The white  lotus   ( Complete )Where stories live. Discover now