හතලිස් එක් වන දිගහැරැම

443 113 26
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඇත්තටම  මට  තේරැනෙ  ...එයා හිතනව මම දෙව්රම්  කියල.... ඒ බැල්මෙ පවා තිබුනෙ සැකයක්  වෙද්දී  තැකීමක්  නැතුව උත්තර බදින්න  මම  උත්සාහ  කරා.....ඒත් මගේ කටින්  උත්තරයක්  දෙන්න  කලින් ඒක එක රූපයක් එක්ක  නැවතුන  . .....  

       "උඹ කොහෙද බන් ගියේ. ...?"

  

***************************************

" මම මේ උඹගෙ මස්සිනා පොඩ්ඩත් එක්ක ටිකක් කතා කර කර හිටිය. .. .....මොකද උඹ මාව හෙව්වෙ .... ඊයෙ වැඩි උන ඒවට බෙහෙත් ගන්න ද.... ....... ඇත්තමයි මට තාම උඹත් එක්ක කේන්තියි විෂේන්.... "

"එක්ස්කියුස් මී. ..."

ඒ කියන්නෙ කෙනුල අයිය දන්නවා එයා ඊයෙ බීව කියන්න. .. ඒ උනත් ඇයි.... මමයි තිවානුයි ඉන්නව කියන්න වගේ වගක් නැතුව කෙනුල අයිය එයාට බනින්න ගත්ත වෙනකොට මෙච්චර වෙලා මාත් එක්ක උන්න තිවාන් ආව කෝල් එකට ආන්ස්වර් කරන ගමන් එතනින් යන්න ගියා. ....

" ......... "

එයා උත්තරයක් දුන්නෑ.... කෙනුල අයියගෙ වචන ගානකට ගත්තෙ නෑ වගේම ඒ වෙනුවට එයා මන් දිහා බලන් උන්න. . ...... හරියට හේතුව මන් කියන්න වගේ..... මම යන්න හැරැණ. .... ඒ උනත් එයා මගෙ ඉස්සරහින් ඇවිත් හිටගත්ත....

" ගොඩක් පින්. .... ... ඊයෙ රෑ මාව බලාගත්තට.. ."

කොහොම ද දන්නෙ .... ඊයෙ රෑ උන දේවල් එයාට මතකද.... නැත්තන් මම උදේ බලන්න යද්දී ඇහැරිල ද හිටියෙ....

" අද උදේ මගෙ රෑම් එකට එද්දී මම ඇහැරිල හිටියෙ ......"

මගෙ හිතේ තිබුන දේ ඇහුන වගේ එයා එහෙම කියද්දී මට මාවම මතක් උනා. ....... අද උදේ එයා නිදන් උන්න වේලේ මට මොනවද හිතුනෙ කියල මතක් උනා... ... දෙවියනේ මට හිතුන විදියට කරානම්. ....... ඒ දෙකට බෙදුන පපුව මැදින් පුංචි හාදුවක් තියන්න මට ඕන කරා..... ඇත්තමයි. ..
මගෙ හිතට ආව දේවල් කරානම්. . ...දැන්. .. එහෙනම් දැන් මොනා වෙයිද කියලා හිතුන . .... ..


The white  lotus   ( Complete )Where stories live. Discover now