හතලිස් අටවැනි දිගහැරැම

476 95 14
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

එච්චරයි මට වචනෙ සම්පූර්ණ කරන්න උන්නෑ වගේම නොහිතපු වෙලාවක එයාට අයිය කියල කියවුනු මගෙ කට ආයෙමත් ඒ වචනෙම දිගහරින්න හැදුව උනත් එයාමගෙ කට වහල දැම්ම. .....

***************************************

තනි නිල් අහසට සුදට සුදේ එකම එක පුංචි වලාකුලක් තනි රැක්ක... මම බලන් උන්න. ... ඒ අහස එදා වගේමයි. ..... ඒ සෙංකඩගල අහසයට අවුරුදු ගානකට පස්සෙ මම ඇවිත් උන්න...... සුලං සිසාරා යන නුවර වැව අදත් එදා වගේම මතක පුරවන් බලන් උන්න. . ... ඒත් උඹගෙයි මගෙයි ජීවිතේ මේ හුලගට අහුවෙලා ඔහේ පාවෙලා යන වැහි වලාකුලක් ගානයි..... කොයිවෙලේ අඩන්න වෙයිද කියලා බලන් ඉන්න. . .......දැනටමත් අපෙ ජීවිත වැස්සට අහුවුන කටදහි ඔරැ වගේ දියවෙලා ගිහින් ....... ....... ඈත අහසෙ හිත රදවන් උන්න මට ඊලග නිමේෂෙම එයාගෙ වචන මතක් උනා ... ඒත් මට හරි බරයි..... හුස්ම තරමටම උඹගෙ වචන මට බරයි....

" මම හරි අවාසනාවන්තයි දෙව් ..... උඹට වඩා ..... උඹගෙ පුංචි හාමු මහ අවාසනාවන්තයි........ උඹ මට ආදරේ කාලෙ මට උඹව මතක නැතුව ගියා..... ඒත් දැන්.... මට උඹව මතක් උනත් උඹ මාව දැන් පිලිගන්නෑ .. ...... මම හරි ආසයි..... දන්නවද උඹ .... නොකීවට වරැ ගානක් උනත් උඹෙ ඔය කතා කරන ඇස් දිහා බලන් ඉන්න මම පුදුම තරම් ආසයි...... ඉදල ඉදල උඹෙ මූණෙ ඇදෙන ඒ හිනාවට මම පුදුම තරම් ලෝබයි..... . ඒත් ඒ ඇස් මාව අද රිද්දනව..... ඒ හිනාව අද මන් වෙනුවෙන් නෑ......
ඇත්තටම උඹ අයාන් ද . .... උඹ මගේ දෙව් නෙවේද.මැණික ......තේරැම් කරල දීපන්. ...... කොහොම කීව උනත් උඹ මගෙ දෙව් නෙවේ කියන එක පිලිගන්න අකමැති මේ හිතට උඹම තේරැම් කරල දීපන්...... තවත් මේ හදවත උඹ වෙනුවෙන් ගැහෙන්න ඕන්නැති විත්තිය...... උගන්නපන් මට උඹව දැක දැකත් නොදැක්ක වගේ ඉන්න. ..... උඹ වෙනුවෙන් තාමත් පණ ගැහෙන මගෙ හැගිම් මරල දාන්න. .... කියාදීපන් මට උඹ නැතුව ජීවත් වෙන්න. ....... "


ඒ වචන .... ඊයෙ රෑ මට නින්ද නැති කෙරැව ඒ වචන පණ අදින මගෙ හිත තවත් පුපුරැ ගැහුව....... ඇත්තටම උඹට කියාදෙන්න මමවත් තාම ඉගෙන ගෙන නැති විත්තිය දන්නවද.......
....

The white  lotus   ( Complete )Tempat cerita menjadi hidup. Temukan sekarang