තිස් නවවන දිගහැරැම

429 107 14
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මම කියන්නමයි හිටියෙ ..... නරකද පුතා චේන්ජ් එකටත් එක්ක කියල මේ වීකෙන්ඩ් එකේ කොහෙ හරි ගිහින් ආවොත්..... පෝයත් එන එකේ දවස් තුනක්ම තියෙනවනෙ....
.... විෂේන් පුතාගෙ අම්මටයි අප්පච්චිටයි පුළුවන්නෙ අපිත් එක්ක යන්න. ........ .."


දෙයියනේ ඒ කියන්නේ ලොකු හාමුයි ලොකු මැණිකෙයිත් එනවද..?

*************************************

" ඒ දෙන්නට එන්න වෙන එකක් නෑ අංකල් .... ඩැඩී කොහොමත් වැඩිය ඇවිදින්න යන්න කැමති කෙනෙක් නෙවේනෙ ....."


අප්පච්චිගෙ ඒ වචන මගෙ හිතට බරක් වෙද්දී මට දැනුන. ..මගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනව කියන එක... දැනුන. .. ඒත් ඒ හැගීම එක තත්පරයකින් එයාගෙ වචනත් එක්ක වෙනස් උනා. .....

"මිනිහ ඒකාලෙත් ඔහොමමයි. ...."

අප්පච්චීගෙ ඒ වචන අනිත් අයට සාමාන්‍ය උනත් මට ඒ වචන ටිකෙත් හිතන්න දේවල් ගොඩක් තිබුන ..... කොටින්ම ලොකු හාමුව අප්පච්චි දන්නවා කියන එක සහමුලින්ම අමතක වෙලා තිබුන මට එදා පියල් කීව දේ සිහියට ආව. .. තුන් දෙනෙක්. .... මගෙ තාත්තා. ... ලොකු හාමු. . .... එතකොට උන්න කීව අනිත් මනුස්සයා ...... .. ඒත් ලොකු හාමුට තව යාලුවො කීයක් ඉන්ඩ ඇත්ද... අනික මම කොහොම මේ ගැන එයාගෙන් අහන්න ද..... මගෙ ඔලුවම පැටලුන නූල් බෝලයක් වෙද්දී කොහේවත් නැති කතාවක් ඇවිත් මගෙ ලග නතර වෙලා තිබුන.

" පුතා අපි එහෙනම් නුවරඑලියෙ යමු.... එහෙම හොදයිනෙ....... "

"හොදයි අප්පච්චි. ...."

"හරි විශේන් පුතා .. එහෙනම් ගමන ෂුවර්..... පුතාගෙ යාලුවෝ ටිකයි අපේ දුවගෙ යාලුවො ටිකයි .. .... තව පුතා මගෙයි ආන්ටිගෙයි යාලුවො දෙතුන් දෙනෙක් විතරයි .. .... එහෙම හොදයිනෙ. ..... ?

"හොදයි අංකල්. ..... අපි එහෙම කරමු.... ."



**************************

හැමදේම කාලයත් එක්ක වෙනද වගේම ගෙවිල ගිහින් තිබුන වෙනකොට හෙට උදේ යන්න තියෙන trip එක ගැන කිසිම හැගීමක් නැතුව මම බලන් උන්න. .. . හෙට දවස ගැන .... .... අද හෙට..... අනිද්දා. ... මේ ගෙවෙන හැමදවසක්ම මට දැනුනෙ කියාගන්න බැරි තරමට බරක් වගේ වෙනකොට මට මාවම අමතක වෙලා ගිහින් තිබුන . .... ඉස්සර වගේ හරි පුංචි දේනුත් ලොකුවට සතුටක් ලැබුව මම අද හරියටම හිස් වෙලා ගිහින් කියල දැනුන.... ..... ඒක එහෙම නොවී තියේවි ද. ...... මගෙ මුලු ලෝකෙම පිරිල තිබුනෙ මගෙ සුදු ආච්චි සීයතාත්ත.. තව උඹගෙන් .... ඒ හැමදේම එකසැරේ හිස් වෙලා යද්දී ආයෙම ඒ තැන පුරවන්න මට හුගාක් අමාරැ උනා. .... නෑ... ඇත්තටම තාමත් .................................
..... තාමත් ඒතැන හිස්. ....... ... ....

The white  lotus   ( Complete )Where stories live. Discover now