සිව්වන දිගහැරැම

676 146 19
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

කලබලේට දීව මට අන්තිමේට වලව්වෙන් එද්දී ඇහුනෙ ඒ කටහඩ විතරක් වෙද්දී මම ආයෙම නැවතුනෙ ගෙදර ගිහින්. ....... ඔලුවෙ තිබුන බර ගතියක් දැනුන බය නිසාම නැති උනාද මන්ද. ...... එයා කොහෙද මෙහෙ.......මම ඇස් අරිද්දී මගෙ ඉස්සරහ හිටගෙන හිටියෙ අද උදේ මල් ගන්න ආව ඒ ආඩම්බරකාර ඇස් දෙක වෙද්දී. ....මම හිටියෙ එයාගෙම ඇද උඩ වෙද්දී ... ........ ඒ වලව්වෙ පුංචි හාමුනේද කියල මතක් උන හැටියෙ මම ගොඩක් බය උනා....... ඇත්තටම මොන එහෙකට මට නින්ද ගියාද මන්ද. ............. එතකොට කවුද නෙලුම් කියන්නෙ. .......



*************************************



" මොකද මැණික මේ මූණත් එක්ක සුදු මැලි වෙලා...... "

"මොකවත් නෑ සුදු ආච්චි...... උදේ ඉදල පොඩ්ඩක් හෙම්බිරිස්සාවට වගේ තිබුන ...පුංචි හාමුගෙ කාමරේ අස් කරද්දී දූවිලි ගියානෙ ඒ නිසා ටිකක් ඔලුව බරයි...... ඒකයි......."

" ඒකනෙ මම කීවෙ දෙන්නම අස් කරමු කියල...... ඉන්ඩකො දරැවො මම කොත්තමල්ලි ටිකක් රත් කරන්න..... එතකොට ඔය ඔලුවෙ බර ගතිය අඩු වෙලා යයි. ..... "

" ඕන් නෑ...... සීයාතාත්තා .... මම පොඩ්ඩක් ඇග හොදගෙන ඇවිත් ලිපේ තියන්නම්. ......... ?"

"සීතල වතුරෙන් ඇග හෝදගන්න එපා දරැවො. ....... මම ඔය කේතලේට වතුර එකක් ලිපේ තියල ඇති...... ඒක ගන්න "

" හොදයි සීයතාත්තා ........ "


කේතලේ තිබුන වතුර එකත් බේසමේ තිබ්බ වතුර එකට දාගෙන ඇග හෝදගත්ත මන් එහෙමම කුස්සියට ගියේ රෑට උයන්න හිතාගෙන. ........ පැයකින් විතර බතක් හදල පොල් සම්බෝලෙකුයි කරවල බැදුමකුයි හැදුව මම තේ දෙකකුත් අරගෙන ඉස්සරහ මිදුලට ගියා......... අලුත බැදපු ජෝඩුවක් වගේ මගෙ සීයතාත්තායි සුදු ආච්චියි ලෑලි බංකුව උඩට වෙලා බර කතාවක. ............ ඒ දෙන්නගෙ ආදරේ මහ පුදුමයි. .... කාලයත් එක්ක ආදරේ වෙනස්වෙනව කීවට සුදු ආච්චිගෙ ඇක්සිඩන්ට් එකෙන් කකුල් දෙකම පණ නැතිව ගියත්...... සීය තාත්තාගෙ ආදරේ වගේම සුදු ආච්චිගෙ ආදරෙත් පොඩ්ඩක්වත් වෙනස් උන්නෑ...........සුදු ආච්චියි හැමදාම සීයතාත්තා කෑවද බීවද කියල උනත් එයා කන්න බොන්නත් කලින්ම හොයල බැලුව.......... මටත් ලැබෙනවනම් කවදහරි ඒ වගේ ආදරයක් ඕනෙ.......

The white  lotus   ( Complete )Where stories live. Discover now