පනස් වන දිගහැරැම.

510 100 30
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

එකපාරක් ..... දෙපාරක්. ...... නෑ ඒත් නෑ..... එයාට ඇහිල නැද්ද. ......

.

" . .. ......

       .  අන්තිමේට  මෙච්චර වෙලා  නිහඩව තිබුන  දොර ගාවින්  එයාගෙ කටහඩ ඇහුන. .   ...

    "මම පහලට  එන්නම්. ......."


.



******"********************************

කොළඹ අසටත් තනිරකින්න ගොඩක් දේ තිබුන.... පුංචි පුංචි පුලුන් වලාකුළු. .. තැනින් තැන පාලුව මැකෙන්න සැරින් සැරේට ඉගිල්ලුන කපුටෙක්...... කලාතුරකින් වලාකුලු වලටත් උඩින් ගිය ගුවන් යානයක්. ..... මේ හැමදේම අතරින් දවල්ට ඉර.... රෑට හද මුලු අහසටම තනි රැක්ක. ... .... ලාවට එලිය වැටිල තිර රෙද්ද අස්සෙන් පෙරිල ආව ඉර එලිය කාමරේ තැනක් දෙකක් එලිය කරද්දී හාවක් හුවක් නැති කාමරේ නිහඩ බව සැරින් සැරේ සද්දෙ දෙන වායු සමීකරණෙ මකල දැම්ම වෙනකොට ඇද රෙද්දට ගුලි උන මම තාමත් සිවිලිම දිහා බලන් උන්න. .... ....... හිතන්න දේවල් මහ හුගක් තිබුන උනත් මගෙ හිත නැවතුනේම එක තැනක උනා.... ඒ ඊයෙ අප්පච්චිගෙ වචන....... තාම නොතේරැනත් මන්වටා මොනවම හරි සිද්ධ වෙනවා කියල මට දැනුන. ..... ඇත්තටම ඒ මොනවද...... සමරදිවාකර අංකල් ගාව තිබුන මගෙ අම්මගෙ පොටෝස්.. .... දැන දැනත් බොරැ කියන ඩොක්ටර් තේමිය........ ඊයෙ රෑ ඉදන් තවත් තදින් මට දැනෙන එයාගෙ හැසිරීම. ..... මේ හැමදේම හිතේ එහෙ මෙහෙ දිව්ව උනත් බර හුස්මක් පිටකෙරැව මම නැගිට්ට. . ඒසී එකේ සීතලට ගල්උන ටයිල් පොලොවට නිරැවත් කකුල වැදුන තත්පරේම ඇග දිගේම හිරියක් ගියා.... ........ අඩියෙන් අඩිය මම බාත්රෑම් එකට තිබ්බ ... . . ...... සීතල වතුර ටික නිදිමතමකාගෙන හිරියක් ගෙනියද්දි අවුරුදු ගානකට පස්සෙ මම කණ්ණාඩියෙන් මගෙම නිරැවත දිහා උවමනාවෙන් බැලුව. .... ඉස්සර තිබුන කැහැටු ශරීරෙ තැන් පිරිල ගිහින් තිබුන.... කම්මුල් පවා පිරිල ගිහින් ...... අල්ල වැහෙන්න තිබුන කරගැට දැන් මැකිල ගිහින්. ..... මේ අවුරැදු තුන සම්පුර්ණයෙන්ම මගෙ පෙනුම වෙනස් කරල තිබුන. .... .... පෙනුම විතරක් නෙවෙයි මුලු ජීවිතේම වෙනස් වෙලා......



The white  lotus   ( Complete )Where stories live. Discover now