විසිනව වන දිගහැරැම

460 108 23
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"උඹ ආදරණීයයි මගෙ පණ..... ..... කොටින්ම මේ විෂේන්ට ආදරේ කියන්නෙම උඹ..... උඹම විතරයි මගෙ දෙව්. ......... "

එයා යන්න ගියා. ....... ඈතට ඇදිල යන කා එක නොපෙනී යනකන්ම බලන් උන්න මම එන්න ආව. .....මහ හිතේ බරකුත් එක්කම. ......


*************************************

මම බලන් උන්න. ..... දවස්ගානක් ඉදන් එකම එක කෝල් එකක් එනකන් නිදිමරාගෙන මම බලන් උන්න ...... හරිනම් උඹ මෙලහකටත් එන්න ඕන නෙවෙයි ද මහත්තයෝ. ......... මන් ලගට නාවට කමක් නෑ. .... අඩුම ගානේ පරිස්සමට ඉන්නවා කියලවත් කියන්න එකම එක කෝල් එකක්වත් ...... මම බලාපොරොත්තු උනා.... එයාගෙ කටහඩ අහන්න ඒ රෑපෙ ඇස් ඉස්සරහ දකින්න . ...... ඒත් නෑ...... ඇයි ඒ.... කදුළු පිහදැම්ම මම දොරකඩගාව ගිහින් නැවතුන. .. ......

අදත් වලව්වට යනවද දරැවෝ....... වලව්ව වහලදාල සතිගානක් වෙනවනෙ මැණික .... "

" සුදු ආච්චි....... මම අදත් ගිහින් බලන්න ද.......... ඇයි වලව්වෙ කවුරැත් නැත්තෙ කියල...... මම යන්නද ...... අදට විතරක්. ..... අදට විතරක්ම මම ගිහින් බලන්න ද....... "

මම ආව..... වලව්ව හරි ගාම්භීරව වෙනසක් නැතුවම තිබුන වගේම සතිගානක් ගේට්ටු කදන් දෙකට වැටිල තිබුන ඉබ්බ අද ඇරිල තිබුන...... හාමුල ඇවිල්ල...... දෙයියනේ එයත් හිටියනම්......... හරියටම වලව්වෙ ඇරල තිබුන ගේට්ටු කදන් දෙක ඉස්සරහ හිටගෙන මම බලන් උන්න. යන්න ඕන ඒත් මට වාරැ නෑ. .... ......... ඈතින් ආව ඩිංගිරි මැණිකේනැන්දගෙ කටහඩ මාව ගැස්සුව.......


"ආ කොල්ලො.... උඹටත් මට වගේම මේ සති ටිකේ වලව්වෙ වැඩ නෑ නොවැ....... ..... මක්කරන්නද ඉතින්. ..... අපරාදෙ කියන්න බෑ යස අගේට හිටිය අපෙ පුංචි හාමුමහත්තයා........ "

ඒ වචන මගෙ හදවතත් නතර කරා..... ඒක කොහොම දෙයියනේ. ..... මගෙ පුංචි හාමු. ........ උඹ හොදින් ද කියපන් ......

"පු....පුංචි හාමු. .... නැ...න්...දෙ.. ..... පුංචි හාමු ට මො...මොකද. ......"

" ඇයි උඹ දන්නැද්ද ....... පුංචි හාමුගෙ කාර් එක හැප්පිලලු...... අනූනමයෙන්ලු ජීවිතේ බේරිල තියෙන්නෙත්. ....... මට කීවෙත් සුමනපාලඅයිය... ඒකත් මම මිනිහගෙන් අහගත්තෙ වදෙන් පොරෙන් බන්.......... .......මොනව කියල අපියි කියල කොරන්නද ඉතින් .......අනික මහ එවුන්ගේ පව් පොඩි එවුන්ගේ පිට යනව කියන්නේ බොරැවටද මන් අහන්නෙ......... මම යනව කොල්ලො. ....... "

The white  lotus   ( Complete )Where stories live. Discover now