විසිපස්වන දිගහැරැම

542 119 8
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඇහුවට මොකද උත්තමෙයයක් බලාපොරොත්තු නොවීම  මට මෙතනින්  පැනල දුවන්නම හිතුන ...... බිම බලන් උන්න මම ආයෙමත්  එයා දිහා බලද්දී  එයා උන්නෙ හරියටම  මට හුස්මක් දුරින් උනා..........

      "උත්තරයක් ඕනද...මගෙ මැණිකට ම්ම්ම්ම්. ....... "

     එහෙමම  ඉදගෙන උන්න මම අවසානෙ නතර උනේ පැදුර උඩ  ඒ අත්තදෙකට මැදිවෙලා වෙද්දී මගෙ කන ලගට ලන් උන එයා අහපු දේට මගෙ ඇගම සීතල වෙලා ගියා. ........

*************************************

එයාගෙ අත මගෙ කම්මුලේ රැදුන වෙනකොට ඒ අතේ පහස මගෙ ඇග දිගේම හිරියක් ඇති කරා............. මට ඉබේටම ඇස් පියවුන වගේම ගැහෙන පපුව උඩ මගෙ අත නතර වුනා වගේම මගෙ අත එයාගෙ අතට තදවුනා...... ...... .. මගෙ පියවුනු ඇස් අග්ගිස්සට පුංචි සිපුමක් තිබ්බ වගේම මගෙ කම්මුල උඩ ඒ දෙතොල් එහාට මෙහාට උනා............ ... ටිකකින් පුංචි හාදුවක් මගෙ කම්මුලේ තිබ්බ එයා හෙමීට මගෙ දෙතොලට බර වුනා. ......... ... එයාගෙ අත් මගෙ පපුව පුරා ගියා වගේම මගෙ කමිසෙ බොත්තම් දෙක තුනක් ඒ අතින්ම ගැලවුන. .. ......

"දැන් ඇති ...... එන්න නිදාගමු මැණික. ..... ....... "

අන්තිමේට මගෙ පපුව මැද්දට පුංචි හාදුවක් තිබ්බ එයා නිදාගමු කීව......... ගානක් නැතිවම එයා මන්දිහා බලන් උන්න උනත් මම උන්නෙ දියෙන්ගොඩදාපු මාලුවෙක් ගානට වැටිල වෙනකොට මෙච්චර වෙලාම උඩට අරන් තිබුන හුස්ම මම පහලට දැම්ම. ...... ....

"බය වුනාද...... "

එයා බයඋනාද ඇහුව. ...ඇත්ත නුහුරැ නුපුරුදු හැගීමකට පණ දෙන්න මම බයයි...... ඒ උනත් එයා ඉස්සරහ කොච්චර උනත් මාව පරිස්සම් කරන්න හදන මගෙ හිත පුරවන්න පුළුවන් හැගීම් ඉස්සරහ මට දැනුනේ හරි පරිපූර්ණ බවක්. ........ ගැස්මක් නැතුව නෙමේ ඒ උනත් මගෙ හිත එයා ගාව පිරිල තිබුන. ....... කොටින්ම ඒ ඇස් අස්සෙ හැගීම් ගොන්නක් මම දැක්ක .......

"මම දන්නවා උඹ තැලිල පොඩි වෙලා නෑ කියන්න. .... ...... මගෙ බර දෙන්න තරම් උඹ පොඩි වැඩියි තාම එතකන් මෙහෙම විතරක් මන් ලගින් ඉන්න. ...... දවසක් ඒවි ...... කවදම හරි උඹ නීතියෙනුත් මගේ වෙන ඒ දවසට මම උඹව ගතිනුත් මගේ කරගන්නව. ....... උඹගෙ හැමදේම මගේ කරගන්නව ..... අන්න එදාට මම උඹගෙ ඔය පලවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම් ප්‍රැක්ටිකලුත් එක්කම.....
...... කවදහරි ඒ දවස එනකන් මෙහෙම විතරක් මන් ලගින් ඉන්න මැණික. .......එතකන් මන් මගෙ සීමාවෙ ඉන්නම්....... නොකීවට ඒක හරි අමාරුයි. .....කොහොම කීවත් මමත් මනුස්සයෙක් මම රහත් වෙලා නෑනෙ .... තමන්ගේ ආදරේ ඉස්සරහ සිල් රකින්න මටත් අමාරැයි......ඒත් ආදරේ කියන්නෙ ලැබෙන පලවෙනි මොහොතෙම තමන් මනුස්සයෙක්ව තමන්ට යට කරගෙන නිදිවදින එකට නෙමේ රත්තරනෙ. ....... තමන්ගේ ආදරේ පරිස්සමට බලාගන්න එකට....... මුලු හදවතින්ම ආදරේ දෙන එකට...... "

The white  lotus   ( Complete )Where stories live. Discover now