හතලිස් තුන්වැනි දිගහැරැම.

442 106 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. .

තිවාන් මොනවදෝ කියව කියව යද්දී... මට හිනා ගියා වගේමයි දුක හිතුනා. ... ඉස්සර මමත් ඒ වගේ ... කටට එන හැමදේම කියවනව...... ඒත් දැන් මම ගැනම මම හිතද්දි මහ පුදුමයි. .... ඉස්සර වෙන දේකට වෙන්න දීල බලන් උන්න මම දැන් හැමදේම ගැන හෙව්වා බැලුව. ... ඇත්තටම ඒ ගෑනු කෙනා හම්බඋනොත්.... ඇත්ත මට දැන ගන්න ලැබුන දාට මම මොකක් කරයිද. .... මම මගෙන්ම ඇහුවා. .....
මගෙ හිත තාමත් පියල්ගෙ වචන ගාව දුවද්දී කාමරේට ආව මම එහෙමම ඇදන් උන්න ජර්සියයි ෂර්ට් එකයි දෙකම ගලවල දැම්ම වගේම බෑග්එකේ තිබුන ටවල් එකත් අතට අරගෙන ගිහින් බාත්රෑම් එකේ දොර ඇරිය. ...

"සො.... සොරි. ... "




****************+******************

" සො...සොරි. ."

ඇරිය තත්පරේටම වැහුව දොර ලග තාමත් උන දේ හිතාගන්න බැරිව මන් හිටන් උන්න. .....

" අයාන් අයාන්
.... . උඹ මොන සිහිකල්පනාවෙන් ද ඉන්නෙ. ..... "


රිදෙන්නම කම්මුලට එකක් ගහගත්ත මම අතගගාම ඇවිත් ඇදේ පැත්තකින් ඉදගත්ත... .....කලබල වෙලා තියෙන හිත සන්සුන් කරගන්න හැදුව උනත් නොසන්සුන්කාරී හිත ඉස්සරහ ආයෙමත් එයාව මැවිල පෙනුන . .....නිරැවතින් උන්න එයාව. ... ඒ දෙකට බෙදුන පපුව. ... තෙත කොණ්ඩෙ. .. මේ හැමදේම එක තත්පරේකට හිතේ රැදුනද කියල මටම පුදුම හිතුන .. කවදාවත් එයාව ඒ විදියට දැකල නැති මට මන් ගැනම දැනුනෙ මහ වරදකාරී හැගීමක්. .... . මම කාමරේ දොර දිහා බලල ආයෙමත් බාත්රෑම් එක දිහා බැලුව.... කරන්න ඕන මොකද්ද කියල තේරැම් ගන්න බැරිඋන තැන නාන එක පැත්තක දැම්ම මම ආයෙමත් ෂර්ට් එක ඇගට දා ගත්ත.....
ඇත්තටම පැනල දුවන්න පුළුවන් නම්. ... මුලු ජීවිතෙන්ම ..... ජීවිතේ ඒ වගේ තැන් ගොඩක් තිබුන මට හැගීම් ඉස්සරහදි දැනෙන අසරණකම තරම් හිත වට්ටන තැනක් දැනිල නැතිතරම්. .. හරියටම උඹ ඉස්සරහදි වගේ.... ඈත් වෙන්න වෙන්න ලන්වෙන තාමත් මට අවනත නැති මගෙ හිත වගේ... . .. . ඇස් දෙක තනි අතින් වහගත්ත මම මාවම සන්සුන් කරගන්න හැදුව. .. .....ඒ අස්සේ ආයෙමත් මට බාත්රෑම් එකේ දොර ඇරෙන සද්දෙ ඇහුන . ........ අත පහලට දැම්ම මම එහෙමම හිටගත්ත
.... එයා දිහා නොබලම. .... මගෙ ඇස් නැවතිල තිබුනෙම මන් ලගට අඩියෙන් අඩිය ලන්වෙන ඒ කකුල් දෙක ගාව.....

The white  lotus   ( Complete )Where stories live. Discover now