පහළොස් වන දිගහැරැම

601 120 7
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


  " පු....පුංචි හාමු  ....... හාමුට වැරදිල....මම  සු...සුදු නෙවේ....... ම...මම.... "

   "ෂ්ෂ්ෂ්. ...ඇති ක. ..තා කරා. ...... ..... "

   " පු. .....පුංචි....... "

     උඩට ගත්ත හුස්ම එහෙමම හිරවෙලා යද්දී   පලවෙනි පාරට කෙනෙක් අතින් මගෙ දෙතොල් ඉදුල් උනා........ කොටින්ම මගෙ නොයිදුල් හාදුව පුංචි හාමුගෙ දෙතොලතරෙ රැදෙද්දි  ඒ උණුසුම් හුස්මත් එක්ක මගෙ පපුව තවත් වේගෙන් ගැහුන වෙනකොට   පුංචි හාමුවත් පැත්තකට තල්ලු කෙරැව මම දුවන් ආව.............. වලව්වෙ උන්නෙ කවුද   මොනාද කියල වගේවගක් නැතුව  මම මහ කලුවරේම පාර දිගේ ගෙදර දුවන් ආව.......  ..... වේගෙන් දුවන් ආව මගෙ කකුල්දෙක ගේ   ඉස්සරහ නැවතුනා උනත් තාමත්  නොනැවතුන මගෙ හදවත ඒ විදියටම ගැහුන........

*************************************

     හදවත තාමත් පුංචි හාමු ගාව නැවතිල තිබුන වෙනකොට  සිද්ධ උන දේ හිතාගන්නවත් බැරි  උන මම තාමත් උන් තැනම හිටන් ගේ දිහා බලන් උන්න. .....

  "  අනේ .... මැණික මොකද දරැවො මේ. ..මහ රෑ ඇතුලට නෑවිත්  තාමත් ඔතනම..... මොකක් හරි උනාද මැණිකෙ. .... මොකද මේ ...... "


   ලාම්පු එලියෙ දැල්ලෙන් මගෙ මූණට එලිය වැටෙනවත් එක්කම ඇහුන සුදු ආච්චිගෙ කටහඩට වගේම සීයතාත්තාගෙ  කටහඩටත්  ගැස්සුන මම මාවම සන්සුන් කරගන්න හැදුව . .......


  "  මොකුත් නෑ සීයතාත්ත..... මට  ටිකක් නිදිමතයි ..... "

"   නිදිමත නැතුව තියෙයිද දරැවො. ...දැන් රෑ එකොලහටත් කිට්ටුයි ...... හා ....යමු..යමු.... ඇතුලට. ....."

   

   පැදුර උඩ වැතිරැනත්   නින්ද අහලකවත් නැති මගෙ හිත එක තැනම නැවතුන. .....ඇතුලට දාපු රබර් බෝලයක් ආය ආයම උඩට එන්න හදනව වගේ  ඒ සිද්ධවුනු හැමදේම එකපෙලට මගෙ හිතේ මැවුන  වෙනකොට නොදැනිම උනත් මගෙ ඇගිලි මගෙම තොල් උඩ එහාට මෙහාට උනා  .....  .....    මට මහ අමුත්තන් දැනුන. .... ....... පුංචි හාමු වගේම  මමත් පිරිමියෙක් වෙද්දී මගෙ පලවෙනි හාදුව පුංචි හාමුගෙ උන එක ගැන මට මහ අමුත්තක් දැනුන. ........ ඒ හැගීම වචන  වලට හරවන්න මට අමාරැ උනා වගේම පුංචි හාමු   අසිහියෙන්  උන්නත් සිහියෙන් උන්න මම ඒ හැගීම යට කරන්න බැරිව  තාමත් එක තැනම නැවතිල උන්න. ..........   ඇත්තටම වලව්වට මම හෙට යන්නෙ කොහොමද කියන එක ගැන මගෙ හිතට වද දෙද්දී පුංචි හාමුව මගහරින්න මට ඕන උනා. ..... මුලු රෑම නින්දක් නැතිව හිටිය මම උදෙන්ම ඇවත් මල්කඩේ ඇරිය උනත් පාරෙ සුදු පාට කාර් එකක් යනව දකින ගානෙ මගෙ හිත ගැස්සුන ........ පුංචි හාමු වෙන්න ඇති කියලා මම හැංගුන.....  ...   බිස්නස් අඩුයි...... පුදුමෙකුත් නෑ. ...වැඩිවෙන බඩු මිලත් එක්ක ලැබෙන සොච්චම් පඩිය  මිනිසුන්ට  ජීවත් වෙන්නත් මදි වෙද්දී මලක් වෙනුවෙන් වියදම් කරන්න කොහෙන්ද  මිනිස්සුන්ට සල්ලි . ..... ......  මිනිස්සු එකා දෙන්නා මැකිල යද්දී වෙනදවගේම සෙංකඩගල අහසෙ කපුටො පියාඹල යනව මම බලන් උන්න. .....ඉතින් මේ උන් කූඩුවලට යන වෙලාව.... මම ගෙදර යන වෙලාව ....ගොඩ වෙලාවට මගෙ ජීවිතේ දවසින් බාගයක් ගෙවුන විත්තිය  කපුටො  ඇගෙව්ව........... කපුට.....  කපුටට මිනිස්සු කැමති නෑ. ...... ඒ ඇයි කියලා මට තේරෙන්නෑ..... ඌ කැත නිසා ද...... ඒ උනත් ඌට පුලුවන් උගේ එකම කෑම එක පවා අනිත් උනුත් එක්ක බෙදාගෙන කන්න. ...... කොටාගෙන  උනත් කන්න කතා කරන්න. ..... ජීවිත කාලෙම එකම සහකාරිය   එක්ක සහකරැ එක්ක ඉන්න. ........ අනුන්ගේ  දරැවො පෝෂණය කරන්න....... සමහර මිනිස්සුන්ට කරන්න බැරි ගොඩක් දේවල් උන්ට පුලුවන් උනා. ......... සිතුවිල්ලෙන් සිතුවිල්ල කඩෙත් වහල දාපු මම එක   සැරයක් ඒ දිහා බලල යන්න හැරැණ ....... මොනා උනත් කන්න හම්බකරගන්න දෙන උදව්වට උඹටත් ස්තුතියි. ..... පණ නැති උනත් මගෙ පුංචි කඩේට හිසට හෙවනක් වෙනවට ස්තුතියි කරල එන්න හැරැණ ....   ඒත් අඩියයි....  පුංචි හාමුගෙ කා එක මල්කඩේ ඉස්සරහ නවතිද්දී මම නොපෙනෙන්න කඩේ පිටිපස්සෙ හැංගුන. ....... අල්ලපු කඩේනුත් මොනාහරි  ඇහුව පුංචි හාමු යන්න ගියා වෙනකොට  මම ගෙදර එන්න ආව........  ඒත් මගෙ හිත  ඊයෙ ඒ මොහොතෙම රැදුන  වෙනකොට නොදැනිම  කාලය ගිහින් තිබුන. ........


The white  lotus   ( Complete )Where stories live. Discover now