මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. .
අතේ තිබ්බ පෝන් එක කුඩුපට්ටම් වෙලා කාමරේ හැමතැනකම විසිවෙලා යන්න තත්පරයක් ගතවෙද්දී ඊලග තත්පරේම ඒ ඇස් මන් දිහාවට හැරැණ. ......... කේන්තියක් ...ඔව් මම ඒ ඇස් වලින් දැක්කෙ කේන්තියක් ...... කවදාවත් නොදැක්ක තරම් කේන්තියක්. ..
තරහවක්.......... ඒත් මන් මොනා කරාටද......මොනා නිසා ද....... මම උන වැරැද්ද හොයන්න වටපිට බැලුව උනත් නෑ...... ඒ ඇස් මගෙන් අහකට ගියෙම නැහැ..... .......වෙලාවටකට මගෙ හැගීම් වලට පන දුන්න හදවත අද බයටම ගැහෙන්න අරන් තිබුන වෙනකොට පුංචි හාමු මන් ලගට එන්න තියන අඩියක් අඩියක් පාසාම මම පිටිපස්ස යන්න උනා වගේම අවසානෙ කණ්ණඩි මේසෙට මගෙ නිරැවත් පිට තියැවුන................ සීතලයි ..... කණ්ණාඩියෙ සීතල පිටමැද්දම හිරිවට්ටල යද්දී නොදැනුවත්වම මගෙ ඇස් වලට කදුළු එකතු කරලා තිබුන......... සීතලට නෙවෙයි..... ඒ ඇස් වලින් මන් දැක්ක කේන්තියට වගේම වරදක් නොකර උනත් බැනුම් අහන්න තිබුන බයට...... වචනයක් කියා ගන්න බැරිව ගොලුවෙන මගෙම හිතට..... ..... ගැහුවත් අතක් උත්සන්න නොදෙන මගෙම හැගීම් වලට .... මම අසරණ උනා......
........"පු....... පු....පුංචි හාමු ...... ම..ම ......මොකද්.... "
" ෂ්ෂ්ෂ්. ......එකම එක දෙයයි. ... එකම එක දෙයයි මට දැනගන්න ඕන...
උඹගෙන් ....... එකම එක දෙයයි......මට කියපන් දෙව්........ උඹගෙ ඔය හිතට අයිතිකාරයෙක් ඉන්නවද නැද්ද. ........ ඔව්...ද .... නැද්ද. ....... "***************************"*********
උත්තරයක්. ..... ඔව් ඒ ඇස් බලාපොරොත්තු වුනේ එකම එක උත්තරයක්. ..... ........ ... ඒත් ඒ ඇයි...... පුංචි හාමු මගෙන් එහෙම අහන්නෙ ඇයි?..... මට අහන්න ඕන වුනේ එකම එක ප්‍රශ්නයක් විතරම වෙද්දී අමාරැවෙන් උනත් මම අකුරු ඇහින්දින්න හැදුව..... ..... ඒත් මට කලින් ඉස්සරහ උන පුංචි හාමු බිමට බර වුනු මගෙ මූණ ඒ අත් වලින් උඩට කෙරැව.......
"උත්තරයක් දෙන්න බැරි තරම් අමාරු ප්‍රශ්නයක් ද මම ඇහුවේ ?...... "
YOU ARE READING
The white lotus ( Complete )
Fanfictionබැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............