හයවන දිගහැරැම

665 145 20
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

" මොකද........ පයින්න ද අදහස ...... හැබැයි ඔතනින් පැන්නොත් රෝස කටු ඇණගෙන තමයි යන්න වෙන්නෙ..... මම අහන්නමයි හිටියෙ මොකද මාව දැක්කම පැනල දුවන්නේ. ........."

තාමත් දොරගාව හිටගෙන ඉන්න පුංචි හාමු ඇහැව්ව ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්ම මම මගෙන් උන වැරදි වලට සමාව ඉල්ලුව.......

" ස ......සමාවෙන්න. .....පුංචි හාමු. ... "

" මොකටද ....... මගෙ ඇදේ නිදාගත්ත එකටද ...... එහෙම නැත්තම්. ....... ?"

*************************************

" උන හැම දේකටම ........"

"ම්ම්ම්. ......... සමාව දුන්න. ..... මොකද ආයෙමත් ඇස් දෙක බෝල කරගෙන......... මම අප්පච්චී වගේ බස්තම කැඩෙනකන් ගහයි කියලද හිතන් හිටියෙ. ......... මට කවදාවත් වලව්වෙ හාමු කෙනෙක් වෙන්න ඕන නෑ නෙලුම්. ....... "

"කවුද මහත්තයා... නෙලුම් කියන්නෙ ....... "

    
    මට  අහන්න  ඕනම වෙලා තිබුන ප්‍රශ්නෙ  මම පුංචි හාමුගෙන් ඇහුව වෙනකොට අර අමුතු බැල්ම ආයෙමත්  ඒ ඇස් දෙකට ඇවිත් තිබුණා. ....

" මහත්තයා...... නෙළුම් දන්නව ද බැන්දම වයිෆ් හස්බන්ඩ්ට කතා කරන්නෙත් මහත්තයා කියල....... "

"අනෙ නෑ නෑ.. ....පුංචි හාමු. .......මම හිතල කීව නෙමේ.... "

පුංචි හාමු මාව විහිලුවට අරන් ද මන්දා ....... මොනා උනත් ඒ මූණෙ ඇදිල තිබුන හිනාව මම දැක්ක පලවෙනි වතාව........... මෙතන ඉන්න තිබ්බෙ හන්දියෙ කඩේ මුදලාලිගෙ දුව ..... ඒකී කඩේට එන හැම කොල්ලටම සිරික්කිය දානවනෙ ....... පුංචි හාමුව දැක්කනම් මෙතන පිස්සුවක් නටනව......... මොනව උනත් පුංචි හාමු සමාවදුන්න එක මගෙ හිතට ලොකු සැනසීමක්. ..........

"පුංචි හාමු. ...... මම කාමරේ අස් කරන්න යන්නේ. ...... පුංචි හාමු එලියට යනවද........ දුවිලිනෙ...."

පුංචි හාමු මම කීව දේට උත්තර නොදීම පොතකුත් අතට අරන් ඇදෙන් වාඩි උනා........ මම කාමරේ අස් කරන්න ගත්තත් මගෙ හිත නැවතිල තිබුනෙ ඇදඋඩට වෙලා පොතක් පෙරලන් ඉන්න පුංචි හාමු ගාව වෙනකොට ඒ පැත්ත නොබල උන්න උනත් පුංචි හාමුගෙ ඇස් මන් ලග නතර වෙලා කියල මට දැනුන. .......... පුංචි හාමුගෙ කාමරේ බඩු අස් පස් කරල අතුත්ගාල දැම්ම මන් ඩස්බින් එකත් අතට ගත්තේ වහල තිබුනු කාමරේ දොරත් අරින ගමන්.........

The white  lotus   ( Complete )Where stories live. Discover now