20🩸♥️🔪

394 76 17
                                    

කුකී රෝස්ට කෑම එක දීලා ඉක්මනින් දුවලා ආවා. ටේ බලන් හිටියේ එයාගේ ඩෝලී එනකම්. ටේ ඔළුව හරවලා බලද්දි දැක්කේ කුකී දුවගෙන එනවා. හරියට හා පැටියෙක් වගේ

ඩෝලී බලාගෙන
ටේ ටිකක් සද්දෙන් කිව්වේ ජංකුක් දුවගෙන ආව නිසා. කුකී ටිකක් හිනාවෙලා ඔළුව වනලා ඉදගත්තේ කන්නයි. ඒත් කුකී කන්න යද්දිම ටේ කුකීව පුටුවත් එක්ක ඇදලා එයා ලගට ගත්තා.

ඩෝලීට මම අද කවන්නම් ම්ම්
ටේ එහෙම කියද්දි කූකී ඔළුව වැනුවා. ටේ හිනා වෙලා කුකීට කවන්න ගත්තා.

ඔව් ටේ හිනා වුනා ඒ monster smile එක නෙමෙයි පලවෙනි වතාවට ඩෝලී දැක්කා monster තියෙන ඒ ලෝකේ ලස්සනම හිනාව. බොක්ස් ස්මයි එක දැක්ක කුකී පුදුම වුනේ එයා මේ ලෝකේ දැක්ක ලස්සනම හිනාව, කාටවත් ලේසියෙන් දකින්න බැරි වුන කාටවත් බැරිවුන ඒ හිනාව.

එයාගේ හිනාව ලස්සනයි

කුකී හිතුවා. කවදාවත් නැතුව කුකී monster ගේ හිනාවට සතුටු වුනා. ටිකකට හිතුනේ මේ හිනාව හැමදාම දකින්න. කුකීට ටිකකට හැමදේම අමතක වුනා. ඒ හිනාවත් භාවනාවක් වගේ

කියන්න ඩෝලී......
කුකී හරි සිහිටය ආවේ ආයේ ටේ එයාට කතා කරපු නිසා. ටිකෙන් ටික කන්න ගත්තා. ටේ ඔක්කොම කවලා ආයේ හිනාවුනේ කුකීගේ කොන්ඩෙත් අවුස්සලයි.

ටේ plate එක මෙසේ උඩින් තියලා කුකිට වතුර විදුරුව දුන්නම කුකිත් කිසි දෙයක් කියන් නැතුව බීලා විදුරුව මේසෙන් තිබ්බා. එයාගේ කට පිහිදන්න යද්දිම ටේ ජංකුක්ගේ අත අල්ල ගත්තා.

ඇයි ටේ මො-මොකද වුනේ

මම කට පිහිදන්නම් ........
ටේ එහෙම කියලා ජංකුක්ගේ ඔළුව ඇල කරලා දිව ගැවේ කට ලග ඇලිලා තිබ්බ පෝර්ක් කැල්ලටයි. ටේ කරපු දේ නිසා කුකීගේ ඇග දිගේ කරන්ට් එකක් දිව්වා වගේ දැනුන නිසා ටක් ගලා ටේගේ අත මිරිකුවේ එයාටත් නොදැනිමයි.

ඩෝලී විතරක් කෑවම හරිද ම්ම් ඩැඩීටත් බඩගිනියි නේ....ඩැඩී තාම කෑවේ නැනේ

MONSTER KINGWhere stories live. Discover now