3.) කොටස 🦋

912 119 27
                                    

මට අයෙත් එයාව මතක් උනා. දැන් අවුරුදු කීයක් ද. ඇයි මේ හීනෙ මෙච්චර ම මට වද දෙන්නේ....ඇයි දෙවියනේ....

ඒ පිරුනු පපුව , ඒ දිග කොන්ඩේ , ඒ දරදඩු අත් මේ සේරම මට මයිල් ගහක් ගානෙම මතකයි . ඒත් ඒ මූන ...... ඇයි මට මතක නැත්තේ ? කොච්චර උත්සහ කරත් නැගිටිද්දි ඒ මූන අමතක වෙනවා. අපැහැදිලි වෙනවා. ඇයි එහෙම. හැම හීනෙකම ඉන්න පුලුවන් නම්, ඇයි මූන විතරක් මට පෙන්නනැත්තෙ ? ඇයි .......ඇයි අගි.........

මන් සිංදුව අහන ගමන් එහෙමම කන්නඩිය දිහා බැලුවා. බැලුවා නෙවේ බැලුනා...

එයා බලාගෙන හිටියේ මන් දිහා . මන් ඒක දකිනවත් එක්කම එයා අහක බැලුවා. මේ අග්‍රය නම් මාර මිනිහෙක් . මුට තියෙන ලැජ්ජාවක්.... මේ මිනිහට සල්ලි දීලවත් බලෙන් හිනස්සවගන්න බැරි වෙයිද දන්නෑ....තියෙන නපුරු කම...

මන් එහෙමම එලිය පරිසරේ දිහා බලන් ආව. අපි එතකොට හිටියේ දෙහෙල්ගමුවෙන් , බතලගොඩ වැව පාරට වාහනේ හරවන ගමන් ... ඉස්කෝලෙ ලමයි සුදු ඇදුම් වලින් පාර දෙපැත්තෙම හිටියා. ඉබ්බාගමුව , සෙන්ට්‍රල් එක  මේ ලගනේ. ඉතින් උදේම උන් ඉස්කෝලෙට බඩගාන ගමන් හිටියේ...

අනේ මටත් මතක උනා , මන් ඒ දවස් වල ඉස්කෝලෙ ගියපු හැටි. ඉස්සෙල්ලාම කොට නිල් කලිසමයි, ශර්ට් එකයි . ඒ කාලෙ අම්ම එක්කම මන් ඉස්කෝලෙට ගියා .අම්මත් ගුරුවරියක් මගේ ඉස්කෝලෙම . ඒ හින්ද ශිෂ්‍යත්වේ එනකන්ම අම්ම එක්කම ගියා. අම්මෝ ඉතින් හවසට ගෙදර යද්දි නම් සුදු ශර්ට් එකේ සුදු ගාන්න තාමා වෙන්නේ. නටපු නැටිලි වලට තනිකරම ඇදුමම ගුරුම ගුරු පාටයි.අනේ ඉතින් මගෙ අම්මා මට වචනයක් කියන්නෑ. ඒව සේරම හෝදලා, ආපහු තිබ්බ වගේම පිරිසිදු කරනවා. උඹ සෙල්ලම් කරන්න එපා, මඩ ගාගන්න එපා, අරක එපා, මේක එපා........කවදාවත් මගෙ අම්ම මට එහෙම නීති දැම්මේ නෑ. හැබැයි මගෙ අම්මා මන් පොඩි කාලෙ ඉදන්ම එක දෙයක් කිව්වා .....
" මයෙ පුතේ ... දන්නවද අහසෙ තරු කොච්චර තියනවද කියල . ගනන් කරන්න බැරි ගානක් තියනව නේද. ඒත් මයෙ පුතේ අහසට කොච්චර තරු තිබ්බත් , මයෙ පුතාට පේනවද අර තනියම ඉන්න හද . අර තරු ගොඩෙන් කොච්චර එලිය දුන්නත්, අර හදේ එලියට ඒ සේරම පරාදයි මයෙ පුතේ. ඒ හද කොච්චර  තනි උනත් හැමදාම වගේ ඇවිත්  රෑ අහසෙ අන්දකාරෙ නැති කරනවා නේද. ඉතින් අහසෙ කොච්චර තරු තිබ්බත් අපිට ඉස්සෙල්ලාම පේන්නෙත් අර හද නේද. ඉතින් ඒ වගේ අන්ධකාරය නැති කරල එලියක් වෙයන්  මයෙ පුතේ. තනියම ජීවීතේ දිනපන් මයෙ පුතේ. කවුරුත් කියන , කරන දේ නෙවේ මයේ පුතාගෙ හිතට එකගව හරි දේ කරපන්. රෑ අහසෙ හද තනියෙන් උන්නට , මේ අම්ම ඉන්න කම් මයෙ පුතාව තනි කරන්නෑ. මන් ලගින්ම ඉන්නවා. ඒ හින්ද මගෙ ලෝකෙ හද වෙයන් පුතේ. උඹෙ ලෝකෙ එලිය කරගනින්. මන් බලන් ඉන්නවා මගෙ රත්තරනේ.....මන් ආදරෙයි මයෙ පනට... "

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now