45.) කොටස 🦋

453 59 36
                                    


සමාවෙන්න .. මොකක්ද ඔයා කිව්වෙ සේයා..

මන් ඔයාට කැමති තේව්..

ඔයා මොනවද සේයා මේ කියවන්නේ..පිස්සුද.. මට සමාවෙන්න ඒත් මන් ඔයාගෙන් මේ වෙලාවෙ එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...

අනේ තේව්... මන් කියන දේ අහන්නකෝ.. මන් ඔයා වෙනුවෙන් කොච්චර කල් බලන් හිටියද..
අබේ තේව්... ඔයා යන්නෙ කොහෙද..
ඔහොම ඉන්නකෝ...

ඇත්තටම මට මොකක් උනා ද කියල
මවත් දන්නෑ.. සේය කිව්ව දේ එක්ක
මට ආවෙ තරහක්.. ඒත් ඇයි ඒ කියල
මන් දන්නැ.. එයාට දෙන්න
උත්තරේකුත් මන් ගාව නෑ..
මන් කාමරෙන් එලියට එන්න ආවා..
අම්මා හිටියේ කුස්සියේ, මන් එයාව හොයන් ගියා...

අම්මා... මට කියන්න , අපේ කලින් ගෙදර තාම  තියනවද...

ම්ම්...ඔව් පුතා.. මන් ඒක වහල දාල ආවා මිසක් ඒක විකුනුවේ නෑ..

එහෙමද...

පුතා.....සුදුපුතා....කොහෙද ලමයෝ ඔය යන්නේ... ඔහොම ඉන්න ලමයෝ..


අම්ම කතා කරනවා ඇහුනත් මන්
ගෙදරින් එලියට දුවන් ආවා..
ඇත්තටම මට දැන් කවෘත් කියන මොන දේවත් අහන්න ඕනෙ නෑ... මට දැනගන්න ඕනෙ එකම එක දෙයක්
විතරයි .. ඒ අග්‍ර දැන් කොහෙද , එයාට මොකද උනේ කියල විතරයි ..

මන් කොහෙන්ද පටන් ගන්නෙ කියල
කල්පනා කරද්දි, මට අපේ ඉස්සර ගෙදර මතක් උනා.. ඒක විකුනලා නෑ... අපි දැන් ඉන්නේ ටව්ම ලග උනත්, මෙතන ඉදන් ඒ ගෙදරට වැඩි ඈතකුත් නෑ... ඒ හින්ද මන් මේසෙ උඩ තිබ්බ අම්මගෙ වොලට් එකත් අරන් එලියට බැස්සා..

මන් එලියට බහිද්දිම වෙලාවට සාරගම පැත්තට යන බස් එකක් ආවා.. මන් ඒකට නැග්ගා... මට මේ සේරම දැන් නිකන් හුරුත් නෑ වගේ.. ඇත්තටම මන් කොච්චර කාලෙකින්ද මෙහෙම හුස්ම ගන්නේ... ඒත් ඒ ගන්න උන හුස්මත්
මට නිදහසේ ගන්න හම්බුන්නෑ.. මැරිල ඉපදුනු මන් මේ දුවන්නෙ මට මග ඇරුනු දේවල් ආයෙත් හොයාගන්න ... ආයෙත් මුලක ඉදන් පටන් ගන්න ..


සාරගම...

බස් එකේ මිනිස්සු හැරි හැරී මන් දිහා බලනවා.. එහෙන් කොන්දත් අමුතු විදියට බලනවා.. ඕනෙ මගුලක් කියල මන් ටිකට් එක අරගෙන  සාරගමෙන් බැහැ ගත්තා.. බහිද්දිම ඈත තියාම පෙනුන සාරගම පන්සල.. මේ සේරම මේ ටික කාලෙට ගොඩක් වෙනස් වෙලා වගේ... මන් පන්සල දිහා බලාගෙනම
අඩි පාර දිගේ ගමට යන පාරට හැරුනත් , මට වැඩි දුරක් යන්න හම්බුන්නෑ... මාව දැකපු කෙල්ලො වගයක් දුවගෙන මන් ඉන්න දිහාට ආවා..

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now