47.) කොටස 🌼

416 57 12
                                    


2015 / 10 / 05

මගෙ චූටි,,,
දැන් හරියටම රෑ දොලහයි ඕන්...

මගෙ පැටියට සුභම සුභ උපන්දිනයක් වේවා .... !!

මගෙ ශ්වේත, ඔයා දැන් ලොකු ඇති නේද... එදා ඒ මන් දැක්කේ ඔයාව
නේද... මට දැන්ම ඔයාව හොයන් එන්න විදියක් නෑනේ.. තව ටික කාලයයි.. මන් ඉක්මනට එන්නම් හොදද..

ඒක නෙමේ, අයියා පොලීසීයට ඇප්ලයි කලානේ.. තාම මොකුත් උත්තරයක් නෑ... තේරුනොත් මගෙ චූටිගෙ වාසනාව තමා... එතකොට පුලුවන් මට මෙතනින් ගිහින්, මගේම කියල දෙයක් කරගන්න..

ඒ වගේම ඔයාව ඉක්මනට හොයාගන්න...

ආ තව ටිකෙන් අමතක වෙනවා... මට අලුත් යාලුවෙක් හම්බුනානෙ..

ඇප්ලිකේශන් දාන්න ගිය වෙලේ හම්බුනේ... මගෙ ජීවීතේ පලවෙනි පාරට මට පිට මනුස්සයෙක් හොදින් කතා කලාමයි.. එයා හරි විහිලු කාරය.. නම මොකක්ද කිව්වේ,,, ආ රෙහාන් කියල....

බලමු නේ, මන් තේරෙයිද කියල...



2015 / 12 / 05

ශ්වේත....... අනේ චූටි මන් තේරිලා.. පොලීසියට තේරිලානේ....
හෙට එන්න කියල තිබ්බා , පුහුනුවට..
අද වැඩ ගොඩයි.. පැක් කරන්න එපැයි ඇදුම් එහෙම... මට කියල අරන් යන්න ගොඩක් දේවල් නෑ, මගෙ ඇදුම් දෙක තුනයි, මේ ඩයරියයි විතරයි තියෙන්නේ ඉතින්...සමහරවිට අද මන් මෙහෙ ඉන්න අවසාන දවස වෙයි නේද..

අනේ මට ගොඩාක් සතුටුයි චූටි...

2015 / 12 / 7

ඊයෙ මෙහෙට මන් ආවා.. චූටි මිස් ගොඩාක් ඇඩුවා.. එයා කිව්වා මට පුලුවන් උපරිමෙන්ම කරන්න කියලා..
පව් එයා... මට අම්මෙක් වගේ...මට දුකයි, ඒත් මට ඇඩුන්නෑනේ, ඇයි ඒ චූටි...

ජීවීතෙ කිසි දාක මන් තාම අඩල නෑ, ඒ වගේම හිනා වෙලත් නෑ...

මට අර හම්බුනු යාලුවත් තේරිලා.. අපි දෙන්නම එකම රූම් එකක ඉන්නේ..එයා හරි හොදයි චූටි... මාව හිනස්සවන්න
එක එක ඒව කියනවා.. මට හිනා යනව, හැබැයි ඇතුලින් මිසක් පිටින් නෙමේ.. මන් හිනා වෙන්න දන්නෑ වගෙ...

අගි ( Complete Sinhala Bl )Tempat cerita menjadi hidup. Temukan sekarang