16.) කොටස 🦋

523 74 40
                                    

මොකක්ද අග්‍ර කිව්වේ..

රෑට කන්නේ මොනාද කියල ඇහුවේ...

රෑට කන්නෙ මොනාද කියල මගෙන් අහන්නෙ..... මට කියල උයවගන්නද දන්නෑ.ඉන්නකෝ හොද වැඩක් කරවන්න. අද අග්‍රට කියලම උයාගන්න ඕනෙ. දන්නව ඇතිනේ උයන්න....

අනේ අග්‍ර මගෙ ඇගට ටිකක් හරි නෑ. ඔයාට පුළුවන් ද මොනා හරි උයල ගන්න...

ඇයි තේව්....
තේව්.....තේව්...මොකද ඔයාට....
ගොඩක් අමාරුද.... අනේ ලමයෝ මොකක්ද අමාරුව..

ආ....නෑ මේ පොඩි ඔලුවෙ අමරුවක්. අර ඇන්ටනාටත් එක්ක උයන්න එපැයි.... ඔයාට පුළුවන් නම් අනේ මොනා හරි උයනවද...?

ම්ම්......මේ පෙන්ඩෝල් දෙක බීලා ටිකක් හාන්සි වෙලා ඉන්නකො.

ඕන්නෑ අනේ. එච්ච........
හරි හරි බොන්නම් ,ඕකට රවන්න ඕනෙ වැයි.

මට අසනීපයි කිව්ව පාර ක්ෂනික කාමරේට ආව අග්‍ර මට පෙනඩෝල් දෙකක් දුන්න. මන් ඒක බිව්වා වගේ කොට්ටෙ එහා පැත්තෙන් හිමීට තිබ්බා...ඒ අතර කුස්සියට ගියපු අග්‍ර මොනා කරනවද දන්නෑ කිය කිය හිත හිතා ඉද්දි ටික වෙලාවක් ගියා.... පොල් ගාන සද්දයක් ඇහුනා....තාම මොකුත් නෑ හැබැයි.........කියල කට ගන්න හම්බුන්නෑ.

ඩදාන්.........

අග්‍ර මොකක්ද ඒ...අග්‍ර...

නෑ .....මේ ...... මේ.....වැටුනා.

මන් කුස්සියට දිව්වා...

කෝ......හයි යෝ. බින්ද නේද අම්මගෙ නැඹිලිය... දැන් ඉතින් වසල හමාරයි.

අග්‍ර බබෝ.......මොකක්ද ඒයි ඒ සද්දෙ. දෙයියෝ සාක්කි....අපෙ මල්ලි බබාගේ අම්මගෙ නෑඹිලිය නේද මේ.... ගම්ගාල අලවලාවත් ආයෙ හයි කරගන්න බැරි වෙයිද ඒයි....  ඇන්ටියා ආව ගමන් උබෙ උලුව නෑඹිලියක් කරල ගනී හාල් ගරන්න ඈ..... මල්ලි බබෝ මේ සොරි අනෙ. මෙයාට කොහෙද අනේ උයල පුරුද්දක්..... කන්න විතරයි පුළුවන් . උයනව දැකලවත් තියනවද දන්නෑ...

මදැයි මන් කරගත්තු දෙයක්.... අග්‍ර බැරි නම් බෑ කියන්නයි.... බලන්නකෝ කුස්සියෙ හැටි.... අපෙ අප්පේ මේ පොල් ගාලද නැද්ද ඉරලද ඈ.... එතකොට මෙ පරිප්පු ගමකට කන්නද මෙච්චර . අයින් වෙන්න අයින් වෙන්න.... මන්ම උයන්නම්. මේ ඇන්ටනා අයියේ......

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now