30.) කොටස 🦋

422 57 17
                                    


අපි ගෙදර ආවා....අග්‍ර ආ පයින්ම ආපහු ලෑස්ති උනා....අද හවසම යන්න ඕනෙ කියල.....

අග්‍ර පුතේ කාලාම යන්නකො.....

එපා අම්මේ.....මන් යන ගමන් මොනා හරි කන්නම්......

හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ.....


අග්‍ර......මේ........

මොකෝ........


ඔයා හෙටම එනවනේ නේ......


බලමු, වැඩේ ඉවරකර ගත්තොත් එන්නම්......


හෙටම එන්න හාද, එද්දි මට අරව ගේන්න ඈ.....

මොනවද ...

ඉස්සො දාපු වඩේ අනේ....


එච්චරයි ද.....

තව මිරිස් දාපු උලුදු වඩේයි, අයේ අර ඩෝනට් කියන ඒවයි, සොසේජස් බනිසුයි , ටීපිටිප් එකයි ........ තව මුරුක්කුත් ඕනෙ.......


සුදුපුතා......පිස්සුද ඈ......ඔය ලමයට ඕව ගේන්න කියන්නේ......බබෙක්ද ඔයා.....


බබෙක් තමා ඇයි අනේ......ම්හුක්.........

හරි හරි.....මන් යනවා.....


යනවා කියන්න එපා, ගිහින් එනවා කියන්න....ඇයි වදේ......


හරි මන් ගිහින් එන්නම්.....දැන් හරිද.....


කාර් එකට නගින්න හදපු අග්‍රට මන් ගේන්න ඕනෙ ඒව එකින් එක කිව්වා...තව තියනවා ඉතින්, ඔය පොඩ්ඩ ගෙනාපුදෙන්කෝ.....


රෙහාන්......

යන්න ගියපු එයා ආපහු ඇන්ටනාවට කතා කරල මොන මොනවද කිව්වා.....මගේ හා කන් දෙක යොමු කලත් , කොහෙද මට ඇහෙන්නෑ කියන ඒව......හිමීට මුනුමුනුනෙ ගාන්නේ.....

සූදූ......ඇතුලට එන්න ලමයෝ......තාම එලියට වෙලා මොකද කරන්නේ.....

අම්මගෙ කට හඩට තමා මන් පියවි සිහියට ආවේ.....අග්‍ර ගිහිනුත් විනාඩි ගානක් උනාට, මන් තාමත් පාර දිහා බලන් එයා හෙට එයිද, නොඑයිද.....කියල කල්පනා කර කර හිටියා......මන් කිව්ව ඒව ගේන්නෑ, මන් දන්නැතුව වැයි හැටි......

මේ එනවා අම්මේ....

රෑට කෑමත් කාලා මන් කාමරේට ගියේ, කරන්න වෙන වැඩක් නැති හින්ද....වෙනද නම් අග්‍රගෙ කාමරේට රිංගලා ඔහේ කියවනවනෙ මන්......ඔව් ඔව් මේ මාසෙට දෙකට මන් පුරුදු උනා හැමදාම අග්‍ර එක්ක රෑට කතා කර කර ඉන්න....ගොඩක්ම මගෙ අතීත කතාව ගැන....එයා තමා මගෙ හිත ගොඩක්ම හැදුවේ ඇත්තටම ....නැත්තන් මෙලහකටත් මට පිස්සු හැදිලා......මන් කියවන එක එයා අහන් හිටියා, ආපස්සට මට වචනෙන් දෙකෙන් උත්තර දුන්න උනත්, ඒකත් මට ලොකු සහනයක් උනා.....


අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now