44.) කොටස 🦋

395 63 28
                                    

මන් හිතන්නේ මගෙ ඔලුව දැන්
පිස්සන් කොටුවක් වගේ.. ප්‍රෂ්න
ගොඩකින් මගෙ ඔලුව පිරිලා..
මට සිහිය නැතුව අවුරුද්දක්ම
ගෙවිලා ගිහින්, ඒ වගේම මන් නොදන්න
ගොඩක් දේවල් මේ කාලෙ වෙලා වගේ..

මන් කොතනින්ද පටන් ගන්නේ..මිනිස්සු
කොහොමද මේ දේවල් දන්නේ..? එදා
මොකද උනේ...? අග්‍ර එයා දැන් කෝ..?

ඩොක්ට කියල මාව වැඩිය ටෙන්ශන්
කරන්න එපා කියල.. ඒ හින්ද මෙයාල
මෙට දේවල් කියන එක පරක්කු
කරනවා වගේ.. අනේ ඒත් මට සේරම
දැනගන්න ඕනෙ.. මන් අම්මගෙ උරහිසට ඔලුව තියන් කල්පනා කර
කර ආවත් අපි යන්නේ අපේ ගෙදර නෙමේ කියල මට තේරුනා..ගේට් එකක්
ඉස්සරහින් වාහනේ නවත්තපු
ස්නේහ බැහැල ගිහින් ගේට් එක
ඇරලා, ආයෙත් වාහනේ අරන්
ඇතුලට ගියා... සාමාන්‍ය ගෙයක්..හැබැයි අංග සම්පූර්න..

අම්මේ.....මේ අපේ ගෙදර නෙමේනේ..මේ කොහෙද අම්මේ..? ඇයි මෙහෙට ආවේ..

සුදුපුතා, මේ තමා අපේ අලුත් ගෙදර..

අම්මා......

යන්කෝ ඉස්සෙල්ලා ඇතුලට, මන් සේරම කියන්නම්..

අපේ ගෙදර..මොනාද මේ අම්ම කියන්නේ.. අම්මා මාව මගෙ කාමරේ කියල කාමරයක් පෙන්නුවා..මගෙ හැමදේම වගේ ඒකෙ තිබ්බා.. ඉස්සර තිබ්බ වගේම... අම්මා මේ හැමදේම පරිස්සමට අරන් තියල...ඒත් මෙහෙම ගෙයක් ගන්න අපිට සල්ලි..කලින් ගේ විකුනුවත් ඒ සල්ලි මදිනේ...

අම්මා....මේ හොදටම ඇති අම්මා..මට සේරම විසදගන්න ඕනෙ..මන් නිදන්හිටපු කාලෙ, මොනවද අම්මේ උනේ...මට එකක් නෑර දැනගන්න ඕනෙ...

සුදුපුතා ම-

නෑ අම්මා.... ෂ්.....ඇති දැන් මගෑරියා...
ඉස්සෙල්ලාම මට මේක කියල
ඉන්න...

මන් අම්මත් එක්ක මගේ කිව්ව කාමරෙ
ඇදේ ඉදගත්තා......ස්නේහත් වැඩ වගයක් තියනවා කියල යන්න ගියා... ඊට පස්සේ අම්මගෙන් මට මුලින්ම දැන ගන්න ඕනෙ දේ ඇහුවා..

මොකක්ද පුතේ..

අම්මේ මගෙ අග්‍ර කොහෙද..ඇයි අම්මේ කතා නැත්තේ.. එයා කොහෙද කියලනෙ මන් ඇහුවේ.. අම්මේ....

සුදූපුතා..

කියන්න අම්මේ.. එයා කෝ.. හරි ඊට කලින් මට මේක කියන්න, එයා ජීවත් වෙනව නේද.. කියන්නකෝ අම්මේ..මගෙ අග්‍ර ජීවත් වෙනවා නේද..

අගි ( Complete Sinhala Bl )Donde viven las historias. Descúbrelo ahora