15.) කොටස 🦋

485 65 44
                                    

දරන්නම බැරිම තැනකදි
හොයන් ආවත් නුඹව මන්
වෙලා ගත්තම ආත්මය නුඹෙ
ඇහුනා හඩනාහිතත්

තදින් අල්ලන් ඔය අත්දෙක
මමත් මිමිනුවා රහසක්
වැටෙන්නට නොදි කදුලු කැටයක්
හංගන්නෙ ඇයි නුඹ තාමත්

ඉතින් මන් මගෙ ගොලු හදවතින්
අහන්නේ මතකදමතක තාමත්

ඒත් මටමතක නාමෙන්වත්
එපා......නුඹෙ එකම කදුලක්වත්

ඒකෙ ලියල තිබ්බේ එහෙම. මන් හිතුව හරි, මන් හිතුවොත් ඉතින් දෙයක් කිරි ගහට ඇන්නා වගේ තමා. ටක්කෙටම හරි... තේ උඩිච්චියක් හින්ද මේ මිනිහ නැහෙන තරමක්. අනේ ඉතින් කාට කියන්නද මේවා. කොහොම උනත් ලස්සනට ලියන්න නම් පුළුවන් වගේ. මේ පොතේ තඩි. මොනා මෙච්චර මේ මනුස්සය ලියලාද, මේ සේරම විරහ ගීද දන්නෑ. බලමු.....

තේව්.........

ආ......අග්‍ර.........

ඔයා මොකද මගෙ කාමරේ කරන්නේ...

නෑ.....නෑ.......මේ.......මන්.........මන් එද්දි මේ පොතේ පිටු එහෙ මෙහෙ පෙරලෙන ගමන් තිබ්බේ. මන් මේ ඒක දැකල පොත වහන්න ආවෙ. මන් යනවා.......

ඉන්න.......

මන් පොතත් අතේ තියන් ඒක කියව කියව ඉද්දිම අග්‍ර ආව. එකපාර ඔහොම ආවාම මනුස්සයෙක් බය වෙන්නැද්ද අප්පා. අම්මෝ මගෙ පපුව තාම ගැහෙනවා. ඒපාර ඉන්නලු......

ඇයි අග්‍ර...

නෑ....යන්න යන්න....

ඉන්නලු , යන්නලු. මේක යකාගෙ නීතියක්නෙ අප්පා. දැන් මන් මේ මිනිහ කියන විදියටද දන්නෑ ඉන්න ඕනේ. බලන් ඉන්න හැටි....උඩ ඉදන් පල්ලෙහාටම බලල , දැන් යන්නලු. මන් මොකෙක් වගේ පේනවද දන්නෑ. මන් දන්නවා දවසක මේ භූතයා හින්ද මට පෙෂර් වැඩි වෙනවා.

අග්‍ර මේ .....මේක මොකද්ද....

පේන්නැද්ද මොකද්ද කියල ...ම්ම්ම්.....

හරි ඉතින්.....හදුන්කූරක් ගහල තියෙන්නේ......හදුන්කූරු රදවනයක් වගෙ...ඒක ගොඩක් වටිනව වගේ අග්‍රට......

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now