33.) කොටස 🦋

409 59 4
                                    

අපි ගාල්ලට ආවා. එනගමන් මගදි තැනකදි නවත්තලා දවල්ට කෑම කෑව...කොහොම හරි පැය පහක් වගේ ඇතුලත අපි ගාල්ලට ලන් උනා.....

ටව්මෙ ඉදන් තව කිලෝමීටර් හයක් වගේ තියනවා...අපි ටව්මෙන් වාහනේ නවත්තලා ඕන කරන පොඩි බඩු වගයක් ගත්තා....



ඒ ඇන්ටනී අයියේ මෙතනින් කොහාටද හරවන්නේ.....


ආ ඔය වැල්ලෙ දේවාල පාරට හරවන්න ..... ඔහොම්ම කෙලින්ම යමු....

හෝව්.....හෝව්......නවත්තපියකෝ.....

ඒ පාර මොකෝ ඇන්ටනාවෝ....බෙරිහන් දෙන්නේ.....

මේ කාටද ඕනෙ අපේ මයික් මාමගෙ අයිටම් එකක් ඈ.....ඕනෙ අය බැහැල එන්නඩෝ....

මොකක් මයික් අයියා....අපිත් බැස්සා මයික් අයියව බලන්න....ඇන්ටනාව වාහනේ නවත්තන්න කිව්වෙ පොඩි කඩයක් වගේ දාලා තිබ්බ තැනක් ලග....

මේ ලමයි අහගන්න මේ තමා අපේ මයික් මාමා.....මයික් මාමාගෙ සිහිවටන කඩේ....ඔයාලත් එකක් ගන්න.

ඇන්ටනාවා එයාගෙ කඩේ වගේ ගිහින් කියවනවා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ඇන්ටනාවා එයාගෙ කඩේ වගේ ගිහින් කියවනවා....
අහින්සක හිනාවක් තිබ්බ වයසක මනුස්සයෙක් එතන හිටියා....  ඇත්තටම එතන නැති දෙයක් නෑ....මාමා අතින්ම හදන ඒවා....ඒය නම් මාර දක්ශයි වගේ.....මටත් එකක් ගන්න ආස හිතුනා.....

අපි එතන්ට යද්දිත් අපිට හරි ලස්සන හිනාවක් දුන්නු ඒ මනුස්සය , අපි එක්ක කතා කරල කැමති දෙයක් ගන්න කිව්වා. අපි එව තෝරන අතරේ  එතන්ට ටුවරිස්ල වගයක් ආවා.....මන් බලාගෙන අර මාමා ඒ මිනිස්සු එක්ක හොදට ඉන්ග්‍රිසියෙන් කතා කරනවා...

ඇත්තටම මට ගන්න දෙයක් හිතාගන්න බැරි උනා...මන් එතන තිබ්බ පොඩි මාල තුනක් ගත්තා. දෙකක් එක වගේ, අනිත් එක වෙනස්....මන් බලාගෙන අග්‍රත් මොනවදෝ ගන්නවා...

අගි ( Complete Sinhala Bl )Opowieści tętniące życiem. Odkryj je teraz