37.) කොටස 🦋

337 59 6
                                    

නෑ ඒක  වෙන්න බෑ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

නෑ ඒක  වෙන්න බෑ.........අම්මේ අනේ අම්මේ..

පලයන් මගෙ පුතේ ... මෙහෙන් ඉක්මනට පලයන්...

අනේ අම්මේ...මොනාද අම්මේ මේ තියෙන්නේ...මේ මොනවද ලියල තියෙන්නේ... එතකොට ඌ කව්ද අම්මේ..... අම්මට මේ වගේ අසාදාරනයක් කරපු ඒකා කව්ද අම්මේ......මට සමාවෙන්න මගෙ අම්මේ, ඒත් මේක තවත් මට ඉවසන්න බෑ.....මගෙ කටින් අප්පච්චි කියන නම කිසි දවසක කියවෙන්නැති වෙයි...
මෙච්චර අපරාදයක් වෙලා කොහොමද මගෙ අම්මේ ඔයා ඉවසුවේ....අනේ රත්තනේ කොහොමද දරාගත්තේ....මගෙ අම්මේ... ඇයි අම්මේ, අපි වගේ අසරනයින්ටම මෙහෙම වෙන්නේ... ඇයි අම්මේ....

මන් කෑ ගහල ඇඩුවා... මට දරාගන්න බෑ.....අම්මගෙ කකුල් උඩ ඔලුව ගහන් මන් ඇඩුවා.... මගෙ අම්ම කොච්චර දේවල් දරාගෙනද... අනේ පව් දෙයියනේ... ඇයි දුප්පත් මිනිහටම මෙහෙම කරන්නෙ, ඇයි අසරනයටම මෙහෙම කරන්නේ.....ඇයි .....



අම්මා කිව්ව විදියට මන් පෙට්ටිය ඇරල ඒකෙ යට රෙදි කෑල්ලකින් ඔතල තිබ්බ ඒ දේ ගත්තා...  ලියුමක් ... ඒ වගේම තව දෙයක් ඔතල තිබ්බා... මන් ඒකත් අතට ගත්තා... ඒක ඇත්තටම පොඩි යකඩ කූරක් වගේ එකක්... යකඩ කූරක් කියන්නේ, ඒකෙ අග හරිය පොඩ්ඩක් ලොකුයි, කැටයමක් වගේ එකක් කොටල තිබ්බා.... තව පිහාට්ටක් වගේ එකකුත් එල්ලලා තිබ්බා....ඒක ඇත්තටම යතුරක් වගේ එකක් කිව්වොත් හරි....

මන් ඒක පැත්තකින් තියල ලියුම කියවන්න ගත්තා. මගෙ අම්මගෙ ජීවීත කතාව, මගෙ අම්මගෙ සේරම ඒකෙ ලියල තිබ්බා ... ලක්ෂ්මි ..... නමින්ම මගෙ අම්මා ලක්ෂ්මි කෙනෙක්මයි..... මෙච්චර අසාදාරනයක් , දුකක් වින්ද මගෙ අම්මගෙ කතාව මන් අකුරින් අකුර කියෙව්වා.....අනේ මගෙ පපුව පැලෙන්න වගේ.... මගෙ අම්ම, මෙච්චර වේදනාවක් කොහොම දරා ගත්තද .... ඇයි මට මෙච්චර කල් කිව්වෙ නැත්තේ..... ඇයි අම්මේ.... ඒ වගේම ඒ නරුමයා මොකාද කියලවත් අම්ම ලියල නෑ.....


අගි ( Complete Sinhala Bl )Dove le storie prendono vita. Scoprilo ora