24.) කොටස 🦋

433 65 22
                                    


" මරනවා! "
ආදරයට සමාන පදයකි
ප්‍රේමයෙහි...
ශබ්දකෝෂයෙහි...

ශෝටක් ඇදගෙන තුවායෙන් ඔලුව පිහ දදා කාමරේට ආව මන් තෙත තුවාය පුටුව උඩ දාන්න බලන් මේසෙ ලගට ගියත් , ඊලගට මගෙ ඇස් ගියේ මේසෙ උඩ තිබ්බ ස්ටිකි නෝට් කැල්ලට.

ලිලැක් එකේ පොඩි කවියක්.....ඒත් කව්ද මේක මෙතන තිබ්බේ, මේ අත් අකුරු මන් මීට කලින් මන් දැකල නෑ, වැල් අකුරු . කව්ද වැල් අකුරු ලියන්නෙ. කවුරුත් නෑනෙ....

මරනවා..!

ආදරය..!

මගෙ හිතෙ ඒ වචන දෝංකාර දෙන්න ගන්නවා එක්කම මට එලියෙන් කටහඩක් ඇහුනා......

හරි නේද රෙහාන්......තේව්ට කියන්න එහෙනම් . මන් ගිහින් එන්නම්......

ආදි අයියා.....එයා ඇවිල්ලාද ආයෙ....

අයියේ...ඔයා ආවද...

ආ....තේව්.....ඔව් . මන් මේ ආවෙ ඔයාලට කියන්න හෙට වෙද්දි අපි ෆිල්මින් වැඩ පටන් ගන්න ඉන්නේ. ලොක්කා කිව්වා පුළුවන් ඉක්මනට මේක ඉවර කරන්න කියල. ඔයාලට මන් මේ ඒක ගැන කියල යන්න ආවෙ.

ආ.......හරි ආදි අයියේ.

ආදි අයියා යන්න ගියා....අග්‍රටත් කියන්න ඕනෙ...මන් එහෙමම අග්‍රගේ කාමරේට ගියා...එයා නෑ...ඒත් එයාගෙ අර පොත නම් මෙසෙ උඩ තිබ්බා...අදත් අවසානෙට මොනා හරි ලියල වගේ....

මට උඹ වෙනුවෙන් මරන්නත්
මට උඹ වෙනුවෙන් මැරෙන්නත්
පුළුවන් ....!

එච්චරයි තිබ්බේ.... මන් දන්නවා මේ මනුස්සයා ඔය කියන කෙල්ල හින්ද දවසක පිස්සෙක් වෙයි. ඇයි යකෝ මෙච්චර ඒකි හින්ද මැරීගෙන ලව් කරන්නෙ, යන්න හදන උන්ට යන්න දෙන්න එපැයි, බලෙන් තියන් ඉදල වැඩක් නෑනෙ....පිස්සු මූටත්. ඒකිට පින නෑ, මේ වගේ ආදරයක් ලබන්න....මටත් මොකෝ , ඕනෙ මගුලක් කරගත්තාවේ..

අග්‍ර.........අග්‍ර........ඔයා කොහෙද....

ම්ම්....

ඔය ආවෙ තුවායත් පටලන්...මේ මනුස්සයගෙ සුදු ඇත්තටම . කිරිගරුඩ පාටයි... මේ පලල් පපුව දැක්කාම මොකාද වශී නොවෙන්නේ....ඒකිට පින නෑ.....

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now